/
/
title icon කෑගල්ල – රන්වලදී වෑන් රථයක්, යතුරුපැදි 03 ක ගැටේ – තරුණයින් 03 ක් මරුට.
කෑගල්ල – රන්වලදී වෑන් රථයක්, යතුරුපැදි 03 ක ගැටේ – තරුණයින් 03 ක් මරුට.
Editor
1 year ago
Share:
කෑගල්ල – රන්වලදී වෑන් රථයක්, යතුරුපැදි 03 ක ගැටේ – තරුණයින් 03 ක් මරුට.

කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල – රන්වල ප‍්‍රදේශයේදී වෑන් රථයක් යතුරුපැදි තුනක ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් තුන්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත‍්‍රි සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරපැදිවල ගමන් කළ තරුණයන් වන අතර, ඔවුන් සිය ̈දෙනාම 27 වන වියේ පසුවූ තුල්හිරිය සහ වේයන්ගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන්කළේ වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති බවයි. වෑන් රථයේ රියදුරු කෑගල්ල පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required