/
/
title icon විදුලි ඉල්ලුම පහත වැටේ.
විදුලි ඉල්ලුම පහත වැටේ.
Editor
1 year ago
Share:
විදුලි ඉල්ලුම පහත වැටේ.

විදුලිය සඳහා පැවති ඉල්ලූම පසුගිය මාස එකහමාරක දෙකක කාලය ඇතුළත පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය ඒකක මිලියන 48 ත්, 49 ත් අතර අගයක පැවති බවයි.

කෙසේ වෙතත්, එය මේ වනවිට විදුලි ඒකක මිලියන 38 ත්, 39 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව ඔහු සඳහන් කළා.

එසේම, සති අන්තයේදී ඒම තත්ත්වය තවදුරටත් පහළ ගොස් ඇති බව සඳහන් කළ සභාපතිවරයා ඉහළ නැංවූ විදුලි ගාස්තු හේතුවෙන් ඉදිරියේදී විදුලි ඉල්ලුම තවදුරටත් පහත වැටෙනු ඇති බවයි කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required