English English සිංහල සිංහල தமிழ் தமிழ்

ටෙන්ඩරය හිමි වූ සැපයුම්කරු ගල් අඟුරු සැපයීම ගැන අවුලක.

Facebook
Twitter
LinkedIn

පසුගියදා රජයේ ප‍්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක‍්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලද අවම ලන්සුව ලබාදුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරනතුරු සැපයුම් සිදුකළ නොහැකි බව දැනුම්දී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප‍්‍රකාශ කළා.

ලක් විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු කඩිනමින් ලබා ගැනීමට සහ ගල් අ`ගුරු සැපයුම්කරුවන්ට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලංකා ගල් අ`ගුරු සමාගමේ නිලධාරින් සහ තෝරාගත් සැපයුම්කරුවන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවත්වා තිබෙනවා.

ඒ අනුව, එහිදී එම චෝදනා නිත්‍යානුකුළව නිරාකරණය කිරීමට සහ ගල් අ`ගුරු ප‍්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ලංකා ගල් අ`ගුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 45 ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව අවම ලන්සුව ඉදිරිපත් කළ ඩුබායි හි බ්ලැක්සෑන්ඞ් කොමඩිටීස් සමාගමට එය පසුගිය 25 වනදා පිරිනමනු ලැබුවා. ඒ ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 328 යි ශත 22 ක පාදක මිලකටයි.

එසේම ඔවුන් පොලී රහිතව මාස 6 ක කාලයක් ගල් අගුරු සඳහා මුදල් ගෙවීමේ අවස්ථාවද ශ‍්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මෙන්ම ටෙන්ඩරය ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ පාර්ශව ද නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබීම හේතුවෙන් ටෙන්ඩරය ලබාගත් සමාගම මේ වනවිට ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයකට මුහුණදී ඇති බව සඳහන්.

ඒ අනුව, ඔවුන් ගල් අඟුරු සැපයීම සඳහා අදාළ ගැටලූ නීත්‍යානුකුලව නිරාකරණය කර දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

මේ අතර, ගල් අඟුරු ප‍්‍රසම්පාදන ටෙන්ඩරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව විගණකාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ප‍්‍රකාශ කළා. එලෙස විමර්ශනයක් සිදුකරන ලෙස මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටියේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකරයි.

ඒ අනුව, අදාළ කරුණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එහි වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදීමට හැකියාව පවතින බවත් විගණකාධිපතිවරයා සඳහන් කළ බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

කෙසේ වෙතත් තෝරා ගත් සැපයුම්කරු ගල් අඟුරු සැපයීම සිදුකළහොත් ඔක්තෝම්බර් 10 වනදා වනවිට මෙරටට ගල් අගුරු ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවයි ලංකා ගල් අගුරු සමාගම සඳහන් කළේ. මෙරට අවශ්‍යතාවය සඳහා ගල් අගුරු පවතින්නේ ඔක්තෝම්බර් 20 වනදා දක්වා පමණයි.

එහෙත්, යම් හෙයකින් තෝරා ගත් සැපයුම්කරු ගල් අඟුරු සැපයීම සිදුනොකළහොත් එය මෙරට විදුලි උත්පාදනයට ද බලපෑම් එල්ල කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000