/
/
title icon බදුල්ලේ මව සහ දියණියගේ ඝාතකයින් සොයා පොලිස් කණ්ඩායම් 03 ක්.
බදුල්ලේ මව සහ දියණියගේ ඝාතකයින් සොයා පොලිස් කණ්ඩායම් 03 ක්.
Editor
1 year ago
Share:
බදුල්ලේ මව සහ දියණියගේ ඝාතකයින් සොයා පොලිස් කණ්ඩායම් 03 ක්.

බදුල්ල – ගැනල්පීන් වත්ත – හිගුරුගමුව ප‍්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණියකට  තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ක්‍රියාත්මක කරනවා. මියගිය දෙදෙනා සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.

පොලිසිය සඳහන් කළේ පෙරේදා රාත‍්‍රියේ නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි. තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් 83 හැවිරිදි මව සහ ඇයගේ 55 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසේ සිටි 62 හැවිරිදි තවත් ඥාති දියණියක්ද කැපුම් තුවාල සහිතව බදුල්ල රෝහලට ඇතුළත් කර තිබුණා. මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ඝාතනයට ලක්වූ දියණිය මුදල් පොලියට ලබාදෙන කාන්තාවක් බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required