English English සිංහල සිංහල தமிழ் தமிழ்

රත්නපුරයේ පොහොර උරයක බහා පතලකට දැමූ දැරියගේ සිරුර අද ගොඩ ගනී.

Facebook
Twitter
LinkedIn

පහරදී ඝාතනය කර උරයක දමා මළ සිරුර පතලකට දැමූ රත්නපුර – උඩදෙල්වල – ගඟපහල ප‍්‍රදේශයේ සත් හැවිරිදි දැරියගේ දේහය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. ඒ, පොලිසිය රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව ලබාගත් නියෝගයකට අනුවයි.

දැරියගේ සිරුර දැමූ පතලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, අද පෙරවරුවේ ඇයගේ දේහය ගොඩ ගැනෙන්නේ රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සහ රත්නපුර අධිකරණ වෛද්‍ය නිලධාරීයා ඉදිරියේදීයි.

මේ වනවිට ප‍්‍රදේශයෙන් පළාගොස් සිටින ඝාතනය සිදුකළ පුද්ගලයා සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

ඝාතනයේ ප‍්‍රධාන සැකකරු සිය නීත්‍යානුකූල බිරිඳට අමතරව ඝාතනයට ලක්වූ දැරියගේ මව මෙන්ම, තවත් කාන්තාවක් අනියම් බිරින්ඳෑවරුන් ලෙස රත්නපුර – උඩදෙල්වල – ගඟපහල ප‍්‍රදේශයේ එකම නිවසක තබා ගනිමින් රැඳී සිට ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ.

පසුගිය මැයි මාසයේ දිනයකදී ඝාතනයේ ප‍්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ නිවසට රැගෙන ආ පැණි වළල්ලක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේදී සැකකරු විසින් දරුවාට අමානුෂික ලෙස පහරදී ඇති බව සඳහන්. පහරකෑම හේතුවෙන් දැරිය අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියදී, නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා තමා සොයා පොලිසිය පැමිණෙන බැවින් දැරිය රැගෙන කැලයට යන ලෙස අනියම් සැමියා දැරියගේ මවට පවසා තිබෙනවා.

එහිදී දරුවා රැගෙන කැලයට පැමිණි අවස්ථාවේදී තම උකුල මත දැරිය මියගිය බව මව පොලිසියට ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

අනතුරුව අනියම් සැමියා විසින් දරුවාගේ සිරුර පොහොර උරයක දමා අසල පිහිටි අතහැර දැමූ මැණික් පතලකට දැමූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ මෙන්ම තමන් ද, ඊට සහාය දැක්වූ බව දැරියගේ මව වැඩිදුරටත් පවසා තිබුණා.

එසේම, සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානයට යම් අයෙකු පැමිණෙන්නේ දැයි ඔත්තු බලා ඇත්තේ සැකකරු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ගැබිණි කාන්තාවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ මව සහ ඔත්තු බැලූ ප‍්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ මේ මස 21 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000