/
/
title icon භානුකගෙන් සුපිරි ඉනිමක් – ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තුවක්.
භානුකගෙන් සුපිරි ඉනිමක් – ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තුවක්.
Editor
1 year ago
Share:
භානුකගෙන් සුපිරි ඉනිමක් – ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තුවක්.

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගකාරී ලකුණු 171 ක ඉලක්කයක් පාකිස්තානයට ලබා දුන්නා. ඒ, භානුක රාජපක්ෂ පන්දු 45 කදී ලබාගත් ලකුණු 71 ත් සමඟින්. භානුක ලබාගත් ලකුණු 71 ට හයේ පහර 03 ක් සහ හතරේ පහර 06 ක් ඇතුළත්.

ඩුබායි හි පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි පැතුම් නිශ්ශංකට සහ කුසල් මෙන්ඩිස්ට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට හැකිවූයේ නැහැ. එක් අවස්ථාවකදී ලකුණු 36 කට කඩුළු 03 ක් දැවී ගොස් තිබූ අතර, තවත් අවස්ථාවකදී ලකුණු 58 කට ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 05 ක් දැවී තිබුණා.

කෙසේ වෙතත්, ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන ගියා.

වනිඳු හසරංග පන්දු 21 කදී ලකුණු 36 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 170 ක් රැස්කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required