English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය.

Facebook
Twitter
LinkedIn

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැක් වූ ඩුබායි හි පැවති 2022 ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි පැතුම් නිශ්ශංකට සහ කුසල් මෙන්ඩිස්ට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට හැකිවූයේ නැහැ.

එක් අවස්ථාවකදී ලකුණු 36 කට කඩුළු 03 ක් දැවී ගොස් තිබූ අතර, තවත් අවස්ථාවකදී ලකුණු 58 කට ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 05 ක් දැවී තිබුණා.

කෙසේ වෙතත්, ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු පුවරුවක් කරා රැගෙන ගියා.

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගකාරී ලකුණු 171 ක ඉලක්කයක් පාකිස්තානයට ලබා දුන්නා. ඒ, භානුක රාජපක්ෂ පන්දු 45 කදී ලබාගත් ලකුණු 71 ත් සමඟින්. භානුක ලබාගත් ලකුණු 71 ට හයේ පහර 03 ක් සහ හතරේ පහර 06 ක් ඇතුළත්.

වනිඳු හසරංග පන්දු 21 කදී ලකුණු 36 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 170 ක් රැස්කළා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් පන්දු 49 කදී ලකුණු 55 ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුෂාන් සිය පන්දුවාර හතරේදී ලකුණු 34 කට කඩුළු 04 ක් දවා ගත්තා.

වනිඳු හසරංග ලකුණු 27 කට කඩුළු 03 බිඳ හෙළුවා.

භානුක රාජපක්ෂ අවසන් මහා තරඟයේ වීරයා බවට පත්වූ අතර, තරඟාවලියේ වීරයා බවට පත්වූයේ වනිඳු හසරංගයි.

මෙම ආසියානු කුසලාන ජයත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු කුසලානය හය වතාවක් ජයගෙන තිබෙනවා. අවසන් වතාවට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබුණේ 2014 වසරේදීයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000