English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 20 ක මානුෂීය අධාර.

Facebook
Twitter
LinkedIn

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථාතත්වයට පත් කරමින් යලි ගොඩනැගීමට තවදුරටත් සහය ලබා දෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ ප‍්‍රධානී සමන්තා පවර් ප‍්‍රකාශ කළා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හමුවූ අවස්ථාවේදීයි.

දේශපාලන ප‍්‍රතිස්සංකරණ න්‍යාය පත‍්‍රය සහ ආර්ථික න්‍යාය පත‍්‍රය අත්වැල් බැඳගනිමින් ඉදිරියට ගමන් කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා ඇමරිකාවේ ව්‍යාපාරික ප‍්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බවත්, ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ප‍්‍රකාශ කර තිබෙනවා.

මැතිවරණ ක‍්‍රමය සශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ජනමත විචාරණයක් මගින් රටේ අදහස් විමසා ප‍්‍රජාතන්ත‍්‍රවාදිව කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සඳහන් කර ඇත්තේ විදෙස් වෙළඳපළ පදනම් කරගත් තරඟකාරී වෙළඳපළ ආර්ථිකයක් හා අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සකස්කරන බවයි.

කර්මාන්ත, කෘෂි කර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත‍්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදු කරමින් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප‍්‍රජාව නවීන ලෝකයට ගැලපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා එහි දී අවධාරණය කර තිබෙනවා.

2020 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ සහය අත්‍යාවශ්‍ය බවයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම ආයතන ප‍්‍රධානි සමන්තා පවර් හමුවේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, පාස්කු ඉරිදා ත‍්‍රස්ථ ප‍්‍රහාරය පිළිබඳ විමර්ෂනය වෙනුවෙන් තාක්ෂණික සහ අනෙකුත් සහයන් සඳහා ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසියේ සහය ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සමන්තා පවර් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

තවත් ඩොලර් මිලියන 20ක ආධාර ශී‍්‍ර ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ ඇය වැඩිදුරටත් අවධාරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල , පෞද්ගලික අංශ වල, ආයෝජන ලබා දීම සඳහා අපේක්ෂා කරන ආයෝජකයින්ටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දීමට උත්ප්‍රේරකයක් වීම සදහා ඇමරිකාව නිරන්තරයෙන් කටයුතු කරන බවද  සමන්තා පවර් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000