English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආසියානු දැල්පන්දු කිරුළ යළිත් ශ්‍රී ලංකාවට.

Facebook
Twitter
LinkedIn

ආසියානු දැල්පන්දු ශුරතාවේ අභිමානය තවදුරටත් තමන් සතුකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා. ඒ, පැවති අවසන් මහා තරගයේදී සත්කාකරක සිංගප්පුරු කණ්ඩායම ලකුණු 63 ට 53ක් ලෙස පරාජයට පත් කරමින්.

තරගාවලියේ දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත්වුයේ තර්ජිනි සිවලිංගම් වෙත ලැබුණු පන්දුව ලකුණක් බවට පත් කරමින්. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ප‍්‍රබල අභියෝගයක් එල්ල කළ සිංගප්පූරු ක්‍රීඩිකාවන් පළමු අර්ධය ලකුණු 19 ට 13ක් ලෙස ජයගත්තා.

දෙවැනි අර්ධයේදි ද සිංගප්පූරුව දැඩි අභියෝගයක් එල්ල කළද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු පරතරය අවම කරගන්නට සමත්වුවද සිංගප්පූරුව එම අර්ධයේදීද ඉදිරියෙන් පසුවුයේ ලකුණු 30ට 27ක් ලෙසයි.

කෙසේ වෙතත්, තුන්වන අර්ධයේදි සිංගප්පුරු ක්‍රීඩිකාවන්ට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරමින් සුපුරුදු රිද්මයට අවතීර්ණ වු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 46 ට 38ක් ලෙස එම අර්ධය ජයගත්තේ ලකුණු 08ක පරතරයක් රඳවා ගනිමින්.

තීරණාත්මක සිව්වන සහ අවසන් අර්ධය ආරම්භයේදි ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකාව සමත්වුවද සිංගප්පුරුව ඉන් පසු ලකුණු වාර්තා කළේ තවදුරටත් තරගය ජයගන්නට ඔවුන්ට අවස්ථාවක් ඇති බවට ඉගි පලකරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000