English English සිංහල සිංහල தமிழ் தமிழ்

එලිසබෙත් රැජිණගේ දේහය හෝලි රූඩ් හවුස් වෙත.

Facebook
Twitter
LinkedIn

දෙවන එළිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිතයි. රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට ජනාධිපතිවරයා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් තිබුණා.

එහිදී මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් හමුවී සිය ශෝකය පළකල ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු සටහන් පොතෙහි ශෝක සටහනක් තබා දශක 07 ක් පුරා රැජිණ විසින් ලෝක ජනතාවට ඉටුකළ සේවය ඇගයීමට ලක්කර තිබුණා.

මේ අතර, ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ හිදී දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනවා.

රැජිණගේ දේහය මේ වනවිට ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට රාජකීය නිවස වන හෝලි රූඩ් හවුස් වෙත රැගෙන ගොස් තිබෙනවා. එම මාර්ගය දෙපස තැනින් තැන විශාල ජනකායක් රැස්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ. හෝලි රූඩ් හවුස් වෙත රැගෙන යාමෙන් පසු රාජකීයන්ට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සැලසෙනවා.

පසුව දේහය හෙට එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් දේවස්ථානයෙහි පැය 24 ක කාලයක් තැන්පත් කෙරෙන අතර එහිදී ජනතාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි වනු ඇති.

ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ගුවන් යානයකින් දේහය ලන්ඩනයේ බකින්හැම් මාලිගය වෙත රැගෙන යාමට නියමිතයි. ඒ මහරැජිණගේ දියණිය වන ඈන් කුමරියගේ ප‍්‍රධානත්වයෙන්.

පසුව රාජකීය ගෞරව මධ්‍යයේ පෙරහරකින් රැජිණගේ දේහය බකින්හැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවට රැගෙන එන අතර දින 04 ක් මහජන ගෞරවය සදහා දේහය එහි තැන්පත් කර තැබීමට නියමිතයි. අනතුරුව මහරැජිණ පිලිප් කුමරු සමග යුග දිවියට පිවිසි මෙන්ම ඇයගේ රාජාභිශේක මංගල්‍යය පැවැත්වූ වෙස්මිනිස්ටර්ඇබේ දේවස්ථානයට රැගෙන එනු ඇති.

දේවමෙහෙය සිදුකිරීමෙන් පසු රැජිණගේ දේහය රැගෙනයනු ලබන්නේ හැරී – මේගන් යුවල යුග දිවියට පිවිසි ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරටයි. අනතතුරුව දේහය වින්සර් මාලිගය පරිශ‍්‍රයේ එනම් ඇයගේ ස්වාමියා වන පිලිප් ආදිපාදවරයාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට පසෙකින් තැන්පත් කෙරෙනු ඇති.

මේ අතර තුන්වන චාල්ස් රජුගේ දරුවන් වන කොන්වේල්හි ආදිපාද විලියම් කුමරු සහ කේට් ආදිපාදිවරියත්, සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ මේගන් කුමරියත් වින්සර් මාලිගය ඉදිරිපිටදී සිය මිත්තණිය වන දෙවන එලිසබෙත් මහරැජිණට පුෂ්පෝපහාර පුදකළ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මෙලෙස දෙසොහොයුරන් සහ ඔවුන්ගේ භාර්යාවන් මීට පෙර එකම ස්ථානයක ප‍්‍රසිද්ධියේ දැකගැනීමට හැකි වූයේ 2020 වසරේ වෙස්මිනිස්ටර්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය උත්සවයකදීයි.

රාජ්‍යත්වයෙන් පසුව තුන්වන චාල්ස් රජු සාම්ප‍්‍රදායික සංචාරයක් ලෙස ස්කොට්ලන්තය , උතුරු අයර්ලන්තය සහ වේල්සයේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඊට බ්‍රිතාන්‍ය අගමැතිනි එලිසබෙත් ලීස් ට‍්‍රස් ද එක්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000