English English සිංහල සිංහල தமிழ் தமிழ்

පෙර පාසල් දරුවන්ට දිවා ආහාර වේලක්.

Facebook
Twitter
LinkedIn

පෙර පාසල් ළමයින් සදහා මෙම මාසයේ සිට දිවා ආහාර වේලක් ලබා දීම ලෝක බැංකු අධාර යටතේ ආරම්භ කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේ වතුකරයේ දරුවන් 35,000 ක් ඇතුළු පෝෂණ ඌණතා සහිත ප‍්‍රදේශවල පෙර පාසල් ළමයින් එක් ලක්ෂ 55,000කට මෙලෙස දිවා ආහාර වේලක් ලබාදෙන බවයි.

මේ වනවිට පෝෂණ ඌනතා සහිත පෙරපාසල් ළමයින් 90,000කට උදෑසන ආහාර වේලක් ලබා දෙන අතර එම එක් ආහාර වේලක් සදහා සැපයුම්කරුවන්ට රුපියල් 30 ක මුදලක් ලබා දෙනවා.

කෙසේ වෙතත් එම මුදල ප‍්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 60 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ සදහා වන මුදල් ලෝක බැංකු ආධාර යටතේ ලබාදෙනු ඇති.

මෙම මාසයේ සිට අදාළ උදෑසන අහාරවේල වෙනුවට එය දිවා ආහාරවේලක් ලෙස දැනට පවතින ආහාර වට්ටෝරුවද සශෝධනය කර ලබාදීමට සැලසුම් කර ඇති බවයි මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේ.

මේ අතර, ගර්භනී මව්වරුන්ට රජය මගින් ලබා දුන් රුපියල් 2,000ක පෝෂණ මල්ල යලි බෙදාදීම ආරම්භ කර තිබෙනවා.

සති 12 සම්පූර්ණ වූ ගර්භණී මව්වරුන්ට රුපියල් 2,000 බැගින් වන පෝෂණ මල්ලක් මාස 10 ක කාලයකට ලබා දීම වසර කිහිපයක සිට සිදු කෙරුණු අතර එය පසුගිය ජුනි මාසයේ සිට නතර වී තිබුණේ ප‍්‍රතිපාදන නොලැබීමේ තත්වයක් තුළයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000