English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්දියාවේ තීරණයෙන් සහල් ආනයනයට ගැටළු ?

Facebook
Twitter
LinkedIn

ඉන්දියාව සිය සහල් අපනයනය සීමා කිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ගැටලූ මතුවිය හැකි බව සහල් ආනයනකරුවන් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව කැඩුණු සහල් අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම අනෙකුත් සහල් වර්ග ගණනාවකට අපනයනයේදී සියයට 20 ක තීරු බද්දක් පනවා තිබෙනවා.

මේ හේතුවෙන් කැඩුණු සහල් ආනයනය කරන චීනය, ශ‍්‍රී ලංකාව මෙන්ම අප‍්‍රිකානු රටවල් රැසකට අහිතකර බලපෑම් ඇතිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

කැඩුණු සහල් ප‍්‍රධාන වශයෙන් භාවිත කරනු ලබන්නේ නූඞ්ලස් වැනි ආහාරපාන මෙන්ම සත්ව ආහාර නිෂ්පාදනයටයි.

ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව 2021 වසරේදී අපනයනය කර ඇති සහල් ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 21 දශම 5 ක්.

ශ‍්‍රී ලංකාවට ප‍්‍රධාන වශයෙන් කැඩුණු සහල් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර ගැණුම්කරුවන් 78 දෙනෙකු විසින් කැඩුණු සහල් නෞකා 384 ක් පමණ පසුගිය පෙබරවාරි 23 වනදා වනවිට මෙරටට ගෙන්වා ඇති බවයි ආනයනික දත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර, බිත්තර සදහා ස්ථාවර මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. එහි ලේකම් අනුරසිරි කුමාරසිංහ කියා සිටියේ මේ වනවිට විවිධ මිල ගණන් යටතේ වෙළඳපොල තුළ බිත්තර අලෙවි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000