/
/
title icon ආසියානු කුසලානය දිනූ කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්.
ආසියානු කුසලානය දිනූ කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්.
Editor
1 year ago
Share:
ආසියානු කුසලානය දිනූ කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්.

2022 ආසියානු ක‍්‍රිකට් කුසලානය දිනාගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සුබපැතුම් එක්කර තිබෙනවා. මෙම සියලූ ජයග‍්‍රහණයන්ට නායකත්වය සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේ එකමුතුව සහ අසීමාන්තික කැපවීම ඉවහල් වූ බවයි ජනාධිපතිවරයා එක්කළ සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.

ශ‍්‍රී ලංකාව මුහුණදී සිටින අභියෝගකාරී තත්වය හමුවේ වුවද මාතෘභූමිය වෙනුවෙන් එක්සිත්ව ජයග‍්‍රහණය තෙක් සියලූදෙනා කළ පොදුකැපවීම ක‍්‍රිකට් ලෝකයට පමණක් නොව සෙසු ක්‍ෂේත‍්‍රවල දෙවන පරපුරටද මහඟු ආදර්ශයක් බවද එම පණිවුඩයේ සඳහන්.

එමෙන්ම ශ‍්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයට ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් නායකයින් මෙන්ම ලෝක ක‍්‍රිකට් නායකයින්ද සිය සුබපැතුම් එක්කර තිබෙනවා. මහේල ජයවර්ධන, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම ශ‍්‍රී ලංකාවේ හිටපු කි‍්‍රකට් පුහුණුකරුවෙකු වන මිකී ආතර්ද මෙලෙස සුබපැතුම් එක් කළ අය අතරට ඇතුළත්.

එමෙන්ම සංජේ මංජේකාර්, අමිත් මිශ‍්‍රා, සහීඞ් අෆ්රිඩි, වසීම් අක‍්‍රම්, විරේන්ද්‍ර ෂෙවාග්, ඉර්ෆාන් පතාන් ද ශ‍්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයට සුබපැතුම් එක් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required