/
/
title icon ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇරඹේ – විදේශ ඇමති අලි සබ්රි සැසිය ඇමතීමත් අද.
ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇරඹේ – විදේශ ඇමති අලි සබ්රි සැසිය ඇමතීමත් අද.
Editor
1 year ago
Share:
ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇරඹේ – විදේශ ඇමති අලි සබ්රි සැසිය ඇමතීමත් අද.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භවීමට නියමිතයි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක්වනු ඇති.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා අද මෙම සැසිවාරය ඇමතීමටද නියමිතයි.

ලොව පුරා සියලූම මානව හිමිකම් ප‍්‍රවර්ධන සහ ආරක්ෂා කිරීම සඳහා වගකිවයුතු රාජ්‍යයන් 47 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මානව හිමිකම් කවුන්සිලය වසර පුරාවට සිය අවධානය යොමුකළ යුතු සියලූ මානව හිමිකම් ගැටළු සහ තත්වයන් සාකච්ඡුා කරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required