English English සිංහල සිංහල தமிழ் தமிழ்

එළවළු සහ කුකුළු මස් මිල යළි ඉහළට.

Facebook
Twitter
LinkedIn

වෙළඳපොලේ එළවළු සහ කුකුළු මස් මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වෙළඳුන් සහ පාරිභෝගිකයන් පවසනවා.

පිටකොටුව කුකුළුමස් වෙළඳපොලේ කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1,400 ක මිලකට බවයි වාර්තාවන්නේ.

වෙළඳුන් පවසන්නේ මෙම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම ලීක්ස්, කැරට්, බෝංචි වැනි උඩරට එළවළු වර්ගවල මිල ගණන්ද තවදුරටත් ඉහළගොස් තිබෙනවා. කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 400 ක් වන අතර, බෝංචි සහ මාළුමිරිස් කිලෝවක් රුපියල් 600 කටයි අලෙවිවන්නේ.

කරවිල කිලෝවක් රුපියල් 400 ක මිලකට අලෙවි වන බවයි වෙළඳුන් සඳහන් කළේ.

මේ අතර බිත්තර නිෂ්පාදකයින් සමඟ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුලූ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බවයි නිෂ්පාදකයන් සඳහන් කළේ.

එමෙන්ම බිත්තර අලෙවිකරුවන් පවසන්නේ ස්ථාවර මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

වෙළඳපොලේ අඛණ්ඩව බිත්තර මිල ඉහළ යාමත් සමඟ පසුගියදා බිත්තර මිල සම්බන්ධයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. එහි දැක්වුණේ සුදු බිත්තරයක් රුපියල් 43 කටත්, රතු බිත්තරයක් රුපියල් 45 කටත් අලෙවි කළ යුතු බවටයි.

කෙසේ වෙතත්, පසුව බිත්තර නිෂ්පාදකයින් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡුාවලදී තීරණය කෙරුණේ රුපියල් 50 කට බිත්තරයක් අලෙවි කිරීමටයි. ඒ අනුව මේ වනවිට වෙළඳපලේ විවිධ මිල පරාසයන් යටතේ බිත්තර අලෙවි කෙරෙනවා.

එවන් පසුබිමක බිත්තර සඳහා නිශ්චිත මිලක් ලබාගැනීම වෙනුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය, පශු සම්පත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අද පෙරවරුවේ හමුවුණා.

මේ අතර, රජය සඳහන් කළ මිලට වී මිලදී නොගැනීම නිසා තමන් අපහසුතාවට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගොවීන් පවසනවා.

පොළොන්නරුව ගොවීන් ද ඉල්ලා සිටියේ පොරොන්දු වූ මිලට තම වී මිලදී ගන්නා ලෙසයි.

මෙවන් පසුබිමක් තුළ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රාජ්‍ය බැංකු මගින් මෙතෙක් නිදහස් කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය සති අන්තයේදි ප‍්‍රකාශ කළා. ඒ අනුව අද රැස්වන අමාත්‍ය මණ්ඩලයට යළි කරුණු දැක්වීමක් සිදුකරන බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000