/
/
title icon ආසියාවේ ශූරයින් වූ දැල් පන්දු සහ ක්‍රිකට් තරු රථ පෙරහරින් කොළඹට.
ආසියාවේ ශූරයින් වූ දැල් පන්දු සහ ක්‍රිකට් තරු රථ පෙරහරින් කොළඹට.
Editor
1 year ago
Share:
ආසියාවේ ශූරයින් වූ දැල් පන්දු සහ ක්‍රිකට් තරු රථ පෙරහරින් කොළඹට.

06 වන වතාවටත් ආසියානු ක්‍රිකට් කිරුළට උරුමකම් කියූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ හයවන වරට ආසියානු දැල් පන්දු රැජිණියන් ලෙස කිරුළු පලන් ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් අද අළුයම දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ‍්‍රයේදී විශේෂ උත්සව දෙකක් සංවිධාන කර තිබුණා.

දිවයිනට පැමිණි කණ්ඩායම් දෙක විශේෂ රථ පෙරහැරකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මේ වනවිට කොළඹට පැමිණ සිටිනවා.

සිංගප්පූරුවේ පැවති 12 වන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණේ අවසන් තරඟයේදී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63ට 53ක් ලෙස පරාජය කරමින්. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු දැල් පන්දු රැජිණියන් ලෙස අභිසෙස් ලැබූවේ හයවන වරට වීමද විශේෂත්වයක්.

දිවයිනට පැමිණි ආසියානු දැල්පන්දු ශූරියන්ට එහිදී උණුසම් පිළිගැනීමක් හිමිවුණා.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරින් සහ ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයින් අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ඉන් අනතුරුව දිවයිනට පැමිණියේ ආසියාවේ ක්‍රිකට් විශිෂ්ඨයින් ලෙස අභිසෙස් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 15 වන ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූයේ අවසන් මහා තරගයේදී ප‍්‍රබල පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්.

මෙරටට පැමිණෙන්නට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි දසුන් ශානක ප‍්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

පැය හයකට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව දිවයිනට පැමිණි ආසියානු කිකට් විශිෂ්ඨයින් පිලිගැනීමට කී‍්‍රඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required