/
/
title icon බෝක්කුවක සිරවුණු කුරුණෑගල දරුවා මියගියේ නගර සභාවේ නොසැළකිල්ලෙන් – මානව හිමිකම් කොමිසම නිරීක්ෂණයක.
බෝක්කුවක සිරවුණු කුරුණෑගල දරුවා මියගියේ නගර සභාවේ නොසැළකිල්ලෙන් – මානව හිමිකම් කොමිසම නිරීක්ෂණයක.
Editor
1 year ago
Share:
බෝක්කුවක සිරවුණු කුරුණෑගල දරුවා මියගියේ  නගර සභාවේ නොසැළකිල්ලෙන් – මානව හිමිකම් කොමිසම නිරීක්ෂණයක.

පසුගියදා පැවති වර්ෂාවත් සමඟ කුරුණෑගල බණ්ඩාරනායක පාසල් මාවතේදී පාසල් සිසුවෙකු බෝක්කුවකට වැටී සිරවී මියයෑම කුරුණෑගල මහ නගර සභාවේ නිලධාරීන්ගේ නොසැළකිල්ල මත සිදුව ඇති බව නිරීක්ෂණය වූ බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල මහ නගර සභාවේ නිලධාරීන් කැඳවා සිදුකළ විමර්ශනයේදියි.

පසුගිය 6 වනදා පැවති අධික වර්ෂාවත් සමඟ පාසල නිමවීමෙන් අනතුරුව සිය නිවස වෙත යමින් සිටි මලියදේව ආදර්ශ පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් බෝක්කුවක වැටී එහි සිරවී මියගියා.

පොලිසිය සහ ප‍්‍රදේශවාසින් පැයකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ පරිශ‍්‍රමයකින් අනතුරුව බැකෝ යන්ත‍්‍ර ද භාවිතා කරමින් මාර්ගය හරහා යොදා තිබු බෝක්කුව කඩා ඉවත්කිරීමෙන් අනතුරුවයි සිසුවා එදින ඉවතට ගැනුණේ.

කෙසේ වෙතත්, ඒ වනවිට සිසුවා මියගොස් සිටියා. ප‍්‍රදේශවාසීන් චෝදනා කළේ් අවිධිමත් සහ අනවසර ඉදිකිරීම් හේතුවෙන් දරුවාගේ ජීවිතය නැතිවූ බවටයි.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂාවක් සිදුකළ අතර, ඉන් අනතුරුවයි පාර්ශව කිහිපයකට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required