/
/
title icon රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනම අමාත්‍යාංශ නැහැ.
රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනම අමාත්‍යාංශ නැහැ.
Editor
1 year ago
Share:
රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනම අමාත්‍යාංශ නැහැ.

කැබිනට් අමාත්‍යාංශ තුළ ක‍්‍රියාත්මක වන ඒකකයක් වශයෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජකාරි ප‍්‍රශස්ථ මට්ටමින් ඉටුකිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීම පමණක් මෙම අවස්ථාවේදී සිදු කිරීම ප‍්‍රමාණවත් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දී තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේ මෙම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීමක් සිදු නොවන බවයි.

එසේම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රාජකාරි කටයුතු සහ ඊට අදාළ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍යාංශයට අනුයුක්ත අතිරේක ලේකම්වරයෙකු හෝ ඒ සඳහා අභිමතය පරිදි සුදුසු හෝ සමාන මට්ටමේ වෙනත් නිලධාරියෙකු පත් කළ හැකිවනවා.

පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා යන නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයා ධුරය දරණ කාලයට පමණක් සීමාවන පරිදි තාවකාලික පදනම මත සේවයේ යොදවා ගත යුතු බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.

ඔවුන්ට නිල වාහන සඳහා හිමිකම් පවතින අතර, එම තනතුරුවලට අදාළව දැනට අනුමත සීමාවන් තුළ ඒ සඳහා ඉන්ධන ලබාදීම සිදුකළ යුතු වනවා. අතිරේක ඉන්ධන සඳහා ඔවුන්ට හිමිකම් පවතින්නේ නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required