English English සිංහල සිංහල தமிழ் தமிழ்

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර රුසියාවේ කසාන් සිනමා උළෙලේ “හොඳම නළුවා” ට හිමි සම්මානයෙන් පිදුම් ලබයි.

Facebook
Twitter
LinkedIn

රුසියාවේ ටටස්ථාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ (Kazan International Muslim Fim Festival) 18 වෙනි අදියර පසුගිය 11 වැනිදා රාත්‍රියේදී පෞරාණික කසාන් නුවර පිරමීඩ් සංකීර්ණයේදී අති උත්සව ශ්‍රීයෙන් නිමාවට පත්වුණා.

එහිදී කාන්, ලන්ඩන්, බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සිනමා 10 ක් අන්තර්ගත වූ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශයේ “හොඳම නළුවා”ට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට ‘ද නිවුස්පේපර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පන පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත් වුණා.

2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවෙනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ “මෝටර් බයිසිකල්” සිනමාපටය “රුසියානු සිනමා විචාරක සංසදය” විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය.

එහෙත් උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් හිමිකම් කියූ පළමු අවස්ථාව “ද නිවුස්පේපර්” හරහා සටහන් වීම කැපී පෙනුණා.

එසේම කසාන් උළෙල නියෝජනයට වරම් ලද සිව්වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය වන්නේ “ද නිවුස්පේපර්” සිනමා පටයයි.

එහිදී “මෝටර් බයිසිකල්” හා “ද නිව්ස්පේපර්” ප්‍රධානතම තරගකාරී අංශය ( Full Length Feature Competition) යටතේද, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” (2017 දී) සහ මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” (2018 දී) තරගයෙන් බැහැර වූ අංශය (Out of Competition) යටතේද උළෙලේ තිරගත වුණා.

ෆිඇප්ෆ් (FIAPF ) අනුමැතිය හිමිවූ ඉන්දියාවේ බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙලේදී දෙවෙනි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානයෙන් (Second Best Asian Film) “ද නිවුස්පේපර්” චිත්‍රපටය පිදුම් ලැබීමත් සමග, සෙසු අන්තර්ජාතික සිනමා උළෙලවලදී “ද නිව්ස්පේපර්” චිත්‍රපටය වෙත විශේෂ අවධානයක් හිමි විය.

ඒ අනුව මේ දක්වා “ද නිවුස්පේපර්” චිත්‍රපටය නියෝජනය කළ සියලුම අන්තර්ජාතික සිනමා උළෙල වලදී සම්මානයකින් පිදුම් ලැබීමට හෝ සම්මාන‍යක් සදහා නිර්දේශ වීමට හෝ “ද නිවුස්පේපර්” සමත්ව තිබීම කැපී පෙනෙන කරුණක්.

කසාන් උළෙලේදී ලද සම්මානයත් සමග මේ වනවිට අන්තර්ජාතික උළෙලවලදී “ද නිවුස්පේපර්” දිනා ඇති සමස්ත සම්මාන සංඛ්‍යාව 08 ක්.

“ද නිවුස්පේපර්”, ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද්දක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000