/
/
title icon සනීපාරක්ෂක ද්‍රව්‍ය මිල ඉහළට – ඔසප් සමයේ දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්.
සනීපාරක්ෂක ද්‍රව්‍ය මිල ඉහළට – ඔසප් සමයේ දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්.
Editor
1 year ago
Share:
සනීපාරක්ෂක ද්‍රව්‍ය මිල ඉහළට – ඔසප් සමයේ දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්.

සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේදී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියේ ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය මැදිහත්ව සනීපාරක්ෂව ද්‍රව්‍යවල මිල ගණන් පහත දැමීමට කටයුතු කළ යුතු බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ පවතින ආර්ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේදී ක්ලාන්තවී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required