/
/
title icon කපුටු කාක් රිද්මයට හෝන් ගැසූ නීතිඥවරයා නඩුවෙන් නිදහස්.
කපුටු කාක් රිද්මයට හෝන් ගැසූ නීතිඥවරයා නඩුවෙන් නිදහස්.
Editor
1 year ago
Share:
කපුටු කාක් රිද්මයට හෝන් ගැසූ නීතිඥවරයා නඩුවෙන් නිදහස්.

කපුටු කාක් යන රිද්මයෙන් වාහනයේ නලාව ශබ්ද කළ බවට චෝදනා එල්ලවූ නීතිඥවරයෙකු එම චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එස් එම් ප‍්‍රභාකරන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

කොටුව පොලිසිය විසින් පසුගියදා අදාළ නීතිඥවරයාට එරෙහිව නඩු පවරා තිබුණේ කපුටු කාක් යන රිද්මයෙන් වාහනයේ නලාව ශබ්දකිරීම හේතුවෙන්.

එහිදී අතිරේක මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට අවවාද කරමින් කියා සිටියේ යම් කිසි පුද්ගලයෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන විට නිසි පරිදි නීතිය පිලිබද අධ්‍යයනයකින් අනතුරුව නඩු පවරන ලෙසටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required