English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජනවාරි 01 වැනිදායින් පසු රාජ්‍ය සේවකයන් 20,000 කට වැඩි පිරිසක් විශ‍්‍රාම යැවේ.

Facebook
Twitter
LinkedIn

රාජ්‍ය නිලධාරින් අනිවාර්යයෙන් විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි පළමු වනදායින් පසු දැනට රාජ්‍ය සේවයේ නියුතු 20,000 ත් 25,000 අතර පිරිසකට විශ‍්‍රාම යාමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉකුත් අයවැයෙන් රාජ්‍ය නිලධාරින් අනිවාර්යයෙන් විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව 65 දක්වා ඉහළ නැංවූ අතර එය 60 දක්වා පහත හෙළනු ලැබුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින්.

ඒ අනුව ඊට අදාළ චක‍්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ විසින් ඊයේ නිකුත් කළා.

එහි දැක්වෙන්නේ ලබන වසරේ ජනවාරි 01 දා සිට ක‍්‍රියාත්මක වන පරිදි සියලූම රාජ්‍ය නිලධාරින්ගේ අනිවාර්යය විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස සළකා කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරින් හැර අනෙකුත් සියලූ රාජ්‍ය නිලධාරින්ට මෙම සශෝධනය අදාළ විය යුතු බවද එහි දැක්වෙනවා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගියදා ඉල්ලා සිටියේ වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම ගැන්වීමේ වයස 63 දක්වා ඉහළ නංවන ලෙසයි. එමෙන්ම හෙද සහ ඉංජිනේරුවන්ගේ විශ‍්‍රාම යාමේ වයස 63 ලෙස ඉහළ නංවන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව වුණා.

කෙසේ වෙතත් ඊයේ නිකුත් කළ චක‍්‍රලේඛයෙන් මෙම කාණ්ඩ පිළිබද විශේෂ සඳහනක් කර නොමැති නිසා අප ඒ පිළිබද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේගෙන් විමසීමක් කළ අතර වෛද්‍යවරුන්, හෙද – හෙදියන් මෙන්ම ඉංජිනේරුවරුන්ගේ විශ‍්‍රාම යාමේ වයස 60 ලෙස සළකා කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, වයස අවුරුදු 60 ඉක්මවා දැනට සේවයේ යෙදී සිටින පිරිස් සදහා ලබන දෙසැම්බර් 31 වන දින හෝ එදිනට පෙර වයස අවුරුදු 60 සම්පූර්ණ වන නිලධාරින්ටද ඔවුන්ගේ කැමැත්ත පරිදි දෙසැම්බර් 31 වන දිනට හෝ ඊට පෙර විශ‍්‍රාම ගැනීමේ අවස්ථාව නව චක‍්‍රලේඛයෙන් හිමිකර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000