/
/
title icon ඖෂධ හිඟයෙන් රෝහල් රැසක කලින් සැළසුම් කළ සැත්කම් නවතී.
ඖෂධ හිඟයෙන් රෝහල් රැසක කලින් සැළසුම් කළ සැත්කම් නවතී.
Editor
1 year ago
Share:
ඖෂධ හිඟයෙන් රෝහල් රැසක කලින් සැළසුම් කළ සැත්කම් නවතී.

රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක පෙර සැලසුම් කළ සැත්කම් සිදු නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ මේ වනවිට රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික ඔසුසැල්වලද ඖෂධ නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

මහරගම අපේක්ෂා රෝහලේද ඖෂධ 60 කට වැඩි සංඛ්‍යාවක් හිඟව පවතින බවයි. එවන් පසුබිමක් තුළ කරාපිටිය ශික්ෂණ රෝහලේද ඖෂධ හිඟයත් සමඟ වකුගඩු බද්ධ සැත්කම් අත්හිටුවා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මේ වනවිට ඖෂධ හිඟය දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වන බවයි. ‍

නැගෙනහිර පළාතේ මේ වනවිට ඉන්සියුලින් සොයාගත නොහැකි තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required