English English සිංහල සිංහල தமிழ் தமிழ்

සීදුවේ හිමි නම ඝාතනය ඩිෆෙන්ඩර් ආරවුලක්.

Facebook
Twitter
LinkedIn

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඝාතනය ඇත්තේ එම විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම විහාරස්ථානයේ සිට අතුරුදන් වූ හිමිනමක් අත්අඩංගුවට ගත් අතර, උන්වහන්සේගෙන් පොලීසිය ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

මෙම හිමියන් ඊයේ අළුයම කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩසිටි කාමරයේ තිබියදී සොයාගනු ලැබුවේ පෙරේදා පස්වරුවේයි.

මළසිරුර සොයාගන්නා අවස්ථාවේ දෑස් බැද මුවට රෙදි කඩක් ඔබා තිබූ බවටයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ තවත් මෝටර් රථයක් අතුරුදන් වී තිබුණා. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක්ද කිසිවෙකුටත් නොදන්වා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබුණු බවටයි.

ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර අතර  සිද්ධියට අදාළව අතුරුදන් වූ 18 හැවිරිදි එම හිමි නම ඊයේ අළුයම ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැණුනා.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විහාරාධිපති හිමියන් ඝාතනය කොට විහාරස්ථානයේ තිබු ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය අදාළ හිමිනම විසින් ව්‍යාජ ලෙස පැවරුම් ලිපි සකස් කර රුපියල් කෝටි දෙකකට අලෙවි කර ඇති බවයි.

අලෙවි කරන ලද ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය පොලිසිය සොයා ගෙන ඇති අතර, ඝාතනය සඳහා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු එක් වී ඇති බවට ද පොලිසිය සැක පළ කරනවා.  අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින දෙකක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමටයි නියෝග කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000