/
/
title icon ඉන්දියාවෙන් තවත් ණය ශ්‍රී ලංකාවට නැහැ.
ඉන්දියාවෙන් තවත් ණය ශ්‍රී ලංකාවට නැහැ.
Editor
1 year ago
Share:
ඉන්දියාවෙන් තවත් ණය ශ්‍රී ලංකාවට නැහැ.

‍ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාවට තවත් ණය ආධාරයක් ලබාදීමට ඉන්දියාව සැළසුම් කර නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ‍

මූලාශ‍්‍ර දෙකකින් ලබා ගත් තොරතුරු පදනම් කර ගනිමින් ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ප‍්‍රකෘති වීම ආරම්භ වී ඇති බැවින් ඉන්දියාව තවදුරටත් ආධාර කිරීමට අපේක්ෂා නොකරන බවයි.

ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා ඉන්දියාව මෙරටට පිරිනමා ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 04 ක්. ආර්ථික අර්බුදයෙන් පසු රටකින් මෙරටට ලබා දුන් වැඩිම ණය ආධාර ප‍්‍රමාණය එය වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required