/
/
title icon නෙළුම් කුළුණ ජනතාවට විවෘත වේ – පළමු දිනයේම ආදායම රුපියල් මිලියනය ඉක්මවයි.
නෙළුම් කුළුණ ජනතාවට විවෘත වේ – පළමු දිනයේම ආදායම රුපියල් මිලියනය ඉක්මවයි.
Editor
1 year ago
Share:
නෙළුම් කුළුණ ජනතාවට විවෘත වේ – පළමු දිනයේම ආදායම රුපියල් මිලියනය ඉක්මවයි.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුන ජනතාවට විවෘත කෙරුණා. මීටර් 300 ක පමණ උසින් යුත් මෙම කුළුණ වාණිජ්‍යමය වශයෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආයෝජන අවස්ථා සඳහා විවර කිරීමටද නියමිතයි.

විවෘත කෙරුණු කුළුණේ උසම මහල වන 29 වන මහලට පිවිසීමට ජනතාවට අවස්ථාව උදාවනවා. මෙහිදී දේශිය පුද්ගලයන්ට රුපියල් 500 සහ 2000 ප‍්‍රවේශපත‍්‍ර වෙන්කර ඇති අතර විදේශිකයෙකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර් 20 ක්.

රුපියල් 2,000 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා ගන්නා ඕනැම අයෙකුට පෝලිම්වල රැඳී නොසිට නෙළුම් කුළුණ පරිශ‍්‍රයට ඇතුළුවීමේ හැකියාව සහ අවස්ථා කිහිපයකදී වූවද කුළුණේ ඉහළට යාමට හැකියාව පවතිනවා. රුපියල් 500 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා ගන්නා අයෙකුට කුළුණේ ඉහළට යා හැක්කේ එක් වරක් පමණයි.

සතියේ දිනවල පස්වරු 02 සිට රාත‍්‍රි 10 දක්වාත් සති අන්තයේ දහවල් 12 සිට රාත‍්‍රි 11 දක්වාත් නෙළුම් කුළුණ ජනතාව සදහා විවෘතව පවතිනවා. ඒ අනුව දිනකට පුද්ගලයින් දෙදහසක් පමණ කුළුණ මතට රැගෙන යෑමට සැලසුම් කර තිබෙනවා.

විවෘත කළ පළමු දිනයේදීම නෙළුම් කුළුණ නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් පැමිණ සිටියා. එහිදී රුපියල් පන්සියයේ ප්‍රවේශපත්‍ර දෙදහසක් පමණ නිකුත් කර තිබූ අතර, එමඟින් උපයා ගත් ආදායම රුපියල් මිලියනය ඉක්මවා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required