English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහ රැජිණගේ දේහයට අවසන් බුහුමන් දක්වන්න කිලෝමීටර් 10 ක් පුරාවට දිගු පෝළිම්.

Facebook
Twitter
LinkedIn

අභාවප‍්‍රාප්ත දෙවන එළිසබෙත් මහරැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කිලෝමීටර 10 ක පමණ දිගු පෝලිමක් පවතිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ලන්ඩනයේ ටවර් බ්‍රිජ් සිට දේහය තැන්පත් කර ඇති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෙවත් වෙස්මිනිස්ටර් ශාලාව කරා මෙම දිගු පෝලිම් පවතින බවයි.

ජනතාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැය 30 ක පමණ කාලයක් එලෙස පෝලිමේ රැදී සිටීමට සිදුවනු ඇති බව සදහන්. ඇතැම් පිරිස් ඒ අවට කඳවුරු බැඳ රැය පහන් කළ ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මන්ත‍්‍රීවරුන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ මිතුරන්ට පෝලිමේ නොසිට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දී ඇති අතර මන්ත‍්‍රීවරයෙකුට එම අවස්ථාවට සහභාගි වීම සදහා හතර දෙනෙකු රැගෙන යා හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සදහාද පෝලිමේ රැදී සිටීමකින් තොරව දේහයට අවසන් ගෞරව දැක්වීමට යා හැකියි.

වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කළ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය මෙන්ම ඇන්ඩෲ ආදිපාදවරයාද එක්ව සිටියා.

මේ අතර වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයේ සිව් කොන ආරක්ෂාවට යොදවා සිටියදී රාජකීය හමුදාවේ නිලධාරියෙකු සිහසුන්ව ඇද වැටෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

රැජිණගේ අවමංගල්‍යෝත්සවය වෙස්මිනිස්ටර් ඇබේහිදී ලබන 19 වනදා පැවැත්වීමට නියමිත අතර එම අවස්ථාවට  රුසියාවට , මියන්මාරයට, බෙලරුසියාවට සහ උතුරු කොරියාවට ආරාධනා කර නොමැති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න්ද, රාජකීය අවමංගල්‍යයට සහභාගි වීමට නියමිත අතර ඔහුට ඇති ජීවිත තර්ජන සැළකිල්ලට ගෙන සිය පෞද්ගලික අධි ආරක්ෂිත නිල රථයෙන් පැමිණීමට අවස්ථාව සලසා දී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000