/
/
title icon පෙට‍්‍රල් සහ බොරතෙල් නෞකා දෙකක් ගොඩබෑමේ කටයුතු අද අරඹයි.
පෙට‍්‍රල් සහ බොරතෙල් නෞකා දෙකක් ගොඩබෑමේ කටයුතු අද අරඹයි.
Editor
1 year ago
Share:
පෙට‍්‍රල් සහ බොරතෙල් නෞකා දෙකක් ගොඩබෑමේ කටයුතු අද අරඹයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මීට දින දෙකකට පෙර ගොඩබෑම ආරම්භ කළ ඞීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ගොඩබෑමේ කටයුතු හෙට පෙරවරුවේ අවසන් කිරීමට නියමිත බවයි.

එසේම තවත් ඞීසල් මෙට්‍රික් ටොන් 40,000 ක නෞකාවකට මුදල් ගෙවීමේ කටයුතු අවසන් කර කඩිනමින් නිදහස් කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සහය ඇතිව මෙරට සිදු කෙරෙන ආහාර සුරක්ෂිතතාව සහ මානුෂීය වැඩසටහන් සඳහා අවශ්‍ය කෙරෙන ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත හැනා සිංගර් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ සාකච්ඡා කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required