English English සිංහල සිංහල தமிழ் தமிழ்

සීදූවේ හිමිනම ඝාතන සැළසුම ගැන තවත් තොරතුරු.

Facebook
Twitter
LinkedIn

සීදූව – වෑත්තෑව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති හිමි ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඝාතනය කළ චීවරධාරියාගේ ඩුබායිහි සිටින පෙම්වතිය, මෙරට සිටින ඇගේ මව සහ මවගේ අනියම් සැමියා ඝාතනය සැළසුම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව සිද්ධිය විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමිගේ සිරුර පෙරේදා සොයාගත්තේ පොලිසියට ලද තොරතුරකට අනුවයි. අභිරහස් ලෙස අපවත්වී සිටි උන්වහන්සේ දින කිහිපයකට පෙර පහරදී ඝාතනය කර ඇති බවට පසුව අනාවරණ වුණා.

විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමත් සමඟ විහාරස්ථානයේ සිටි 18 හැවිරිදි ගෝල හිමිනම අතුරුදන්ව සිටි අතර, ඊයේ දිනයේදී එම චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදියි.

වැඩිදුර පරීක්ෂණවලදී මෙම චීවරධාරියා පාපොච්චාරණය කර තිබුණේ විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන්ආර් රථයක් ඇතුළු දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවයි.

හිමිනම ඝාතනයෙන් පසුව ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කළ බවත්, එය ඩුබායි හි සිටින කාන්තාවට යැවීමට සැළසුම් කර තිබූ බවත් අත්අඩංගුවට ගත් චීවරධාරියා අනාවරණ කර තිබුණා.

මීට පෙර අවස්ථා කිහිපයකදී විහාරාධිපති හිමියන් සමඟ මෙම චීවරධාරියා ගැටුම් ඇති කරගෙන තිබූ අතර, ඒ පිළිබඳව පැමිණිලි කිහිපයක් සීදූව පොලිසිය වෙත ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000