/
/
title icon ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 65 ක තවත් ආධාරයක්.
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 65 ක තවත් ආධාරයක්.
Editor
1 year ago
Share:
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 65 ක තවත් ආධාරයක්.

ශ‍්‍රී ලංකාවට වසර 5 ක කාලයක් සඳහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක ආධාර ලබාදෙන බව මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ප‍්‍රකාශ කළා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනය හෙවත් යූ.එස්.ඒඞ් පරිපාලක සමන්තා පවර්ගේ ශ‍්‍රී ලංකා සංචාරය මත පදනම්ව මෙම ආධාර ලබාදෙන බවයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම ඩොලර් මිලියන 65 ක මුදල මෙරට වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදවලට ප‍්‍රතිචාර ලෙස සමන්තා පවර්, පසුගිය සතියේ ප‍්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බව ද එම නිවේදනයේ සඳහන්.

ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනය හෙවත් යූ.එස්.ඒඞ් දූත මණ්ඩල අධ්‍යක්ෂ ග්‍රේබ්‍රියෙල් ග්‍රෝ සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අතර අත්සන් කරන ලද සංවර්ධන අරමුණු සහාය ගිවිසුම යටතේයි මෙම ආධාර පිරිනමනු ලබන්නේ.

නව ද්වීපාර්ශවික ගිවිසුමේ ආරම්භය සනිටුහන් කරමින් ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ ජනතාව සහ රජය සමග, ගොඩනගාගෙන ඇති කල් පවත්නා, ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබ`දව ඇමෙරිකාව සහ අමෙරිකානු ජනතාව ආඩම්බර වන බවයි.

ස්ථාවර, සමෘද්ධිමත් සහ සාමකාමී ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම ස`දහා දේශීයව මෙහෙයවනු ලබන ක්‍රියාමාර්ගවලට සහය දැක්වීමට කැපවන බව ද ඇය කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required