English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොළඹ ජාතික පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකු බුද්ධ පූජාවත් ආහාරයට අරන් – මිරිස්කුඩු ඉස බත් කෑ දරුවනුත් හමුවෙයි.

Facebook
Twitter
LinkedIn

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ එදිනෙදා ජීවනෝපාය සරිකර ගත් වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව කොළඹ දිස්ත‍්‍රික් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ දිස්ත‍්‍රික් ඒකාබද්ධ කමිටුවේදී අනාවරණ වුණා.

එය දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්නගේ සභාපතිත්වයෙන් යුතුව අද රැස්වුණේ නාරාහේන්පිට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

ඊට ප‍්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, කෘෂිකර්ම නිලධාරින්, අධ්‍යාපන බලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උදුගොඩ කියා සිටියේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් සියලූදෙනා කැපවී කටයුතු කළ යුතු බවයි.

එම සාකච්ඡුාවට එක්වූ ශ‍්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක පාසල් සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමුකළා.

ඇය කියා සිටියේ ජාතික පාසලකින් උසස් පෙළ සිසුන් දෙදෙනෙකු බුද්ධ පූජාව ආහාරයට ගැනීමේ සිද්ධියක් මෙන්ම දරුවන් මිරිස්කුඩු ඉස බත් ආහාරයට ගැනීමේ අවස්ථා ද වාර්තා වී ඇති බවයි.

මේ අතර, හතරදෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500 ක මුදලක් වැය කිරීමට සිදුවන බව හෙළිවී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000