English English සිංහල සිංහල தமிழ் தமிழ்

රැජින වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ විනාඩි දෙකක නිහැඬියාවක්.

Facebook
Twitter
LinkedIn

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල ජනකායක් එක්රැස්වන බැවින් ඒ සදහා විවිධ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අවසන් ගෞරව දැක්වීම සදහා වන මහජන පෝලිම සවුත්වෝක් උද්‍යානය අසලින් තාවකාලිකව අවසන් කර ඇති අතර තවත් පැය හයක් පමණ යනතුරු එම පෝලිමට සම්බන්ධ නොවන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

මේ අතර, අභිනව රජු ලෙස කිරුලූ‍ පැළදි තුන්වන චාල්ස් රජු සහ කැමිලා ආර්යාව අද දිනයේ වේල්සයේ සංචාරය කරන අතර එය රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව සම්ප‍්‍රදායානුකූලව මහා බ්‍රිතාන්‍යයට අයත් රාජ්‍යයන් හතරේ සිදුකළ යුතු සංචාරයේ අවසන් අදියරයි.

මේ අතර, විදෙස් වාර්තා සදහන් කළේ රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා සෙනසුරාදා පැවැත්වෙන විශේෂ සිහිකිරීමේ උත්සවයේ දී සම්පූර්ණ නිල ඇදුමින් සැරසී දේහය අසලින් රැදෙන ලෙස චාල්ස් රජු විසින් විලියම් සහ හැරී කුමාරවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

මේ අතර හැරී කුමරු රැජිනගේ මරණය සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ සෑම මහජන පෙනී සිටීමකදීම සාම්ප‍්‍රදායික ඇදුමින් සැරසී සිට ඇති බව සදහන්.

රැජිනගේ දේහය පිළිබද අවසන් දේවමෙහෙයෙන් අනතුරැව බ්‍රිතාන්‍ය පුරා විනාඩි දෙකක ජාතික නිෂ්ශබ්දතා ශෝක කාලයක් සැමරීමටද නියමිතයි.

මේ අතර, දෙවනි එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන සදුදා දිනයේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් විනාඩි 30 ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හීත්‍රෝ ගුවන් තොටුපළ ප‍්‍රධාන මෙහෙයුම් මූලස්ථානය කරගත් බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් සමාගම එදිනට නියමිත ගුවන් ගමන්වාර 100 ක් පමණ අවලංගු කර ඇති අතර තවත් යානා රැසක මෙහෙයුම් වේලාවන් වෙනස් කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

රාජකීය අවමගුල පැවැත්වෙන කාලය තුළ ගුවන් යානා මගින් නැගෙන අනවශ්‍ය ශබ්දය වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඒ අනුව සදුදා දිනයේ උදෑසන 11.40 සිට පස්වරු 12.10 දක්වා කාලය තුළ හීත්‍රෝ ගුවන් තොටුපළේ ගුවන් යානා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කෙරෙනු ඇති.

එහි අපේක්ෂාව අවමගුල් උත්සවය අවසානයේ පැවැත්වෙන විනාඩි දෙකක නිහඩ කාලයට බාධා නොවීමයි.

අවමගුල් පෙරහැර පිටත්වීමට නියමිත පස්වරු 1.45 සිට විනාඩි 35 ක කාලයක් ගුවන් තොටුපළේ සියලූ‍ යානා පැමිණීම් අත්හිටුවා ඇති අතර පස්වරු 3.05 සිට පැයකුත් විනාඩි හතලිහක් සියලූ‍ පිටත්වීම් අවලංගු කර ඇත්තේ දේහය වින්ඩ්සර් බලකොටුවට ලගාවීමේ අවස්ථාවන්ට බාධා නොවීමේ අරමුණින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000