/
/
title icon ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ පහක්.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ පහක්.
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ පහක්.

ක‍්‍රිකට්, නෙට්බෝල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩාවලදී ජයග‍්‍රහණය ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උළෙලක් ඊයේ රාත‍්‍රියේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබුණේ අපේක්ෂා රෝහලට ආධාර පිණිසයි.

මීට අමතරව ශ‍්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක‍්‍රීඩිකාවකටම මිලියන දෙක බැගින් ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 10 ක්ද, ලෝකඩ පදක්කම් ලාභීන්ට රුපියල් මිලියන 5 ක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට සියයට විසිපහක් වශයෙන්ද මුදල් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required