English English සිංහල සිංහල தமிழ் தமிழ்

සීදූවේ හිමිනම ඝාතනය කළ හැටි හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

සීදූව – වෑත්තෑව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති හිමි හුස්ම හිර කර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ මීගමුව මහ රෝහලේදී සිදු කරනු ලැබුවා.

මේ අතර ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඝාතනය කළ චීවරධාරියාගේ ඩුබායිහි සිටින පෙම්වතිය, මෙරට සිටින ඇගේ මව සහ මවගේ අනියම් සැමියා ඝාතනය සැළසුම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.

සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමිගේ සිරුර පසුගිය 14 වන දා සොයාගත්තේ පොලිසියට ලද තොරතුරකට අනුවයි.

විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමත් සමඟ විහාරස්ථානයේ සිටි 18 හැවිරිදි ගෝල හිමිනම අතුරුදන්ව සිටි අතර, පෙරේදා දිනයේදී එම චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදියි. වැඩිදුර පරීක්ෂණවලදී මෙම චීවරධාරියා පාපොච්චාරණය කර තිබුණේ විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන්ආර් රථයක් ඇතුලූ දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවයි.

හිමිනම ඝාතනයෙන් පසුව ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කළ බවත්, එය ඩුබායි හි සිටින කාන්තාවට යැවීමට සැළසුම් කර තිබූ බවත් අත්අඩංගුවට ගත් චීවරධාරියා අනාවරණ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000
New

Fat Burn Maching

රු5,500