/
/
title icon මනාල පාර්ශවය පූල් එකේ නාන්න ගොසින් ඇතිවූ ආරවුලෙන් හෝටලයේ 06 ක් රෝහලේ.
මනාල පාර්ශවය පූල් එකේ නාන්න ගොසින් ඇතිවූ ආරවුලෙන් හෝටලයේ 06 ක් රෝහලේ.
Editor
1 year ago
Share:
මනාල පාර්ශවය පූල් එකේ නාන්න ගොසින් ඇතිවූ ආරවුලෙන් හෝටලයේ 06 ක් රෝහලේ.

පානදුර – හිරණ ප‍්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝටලයේ කාර්ය මණ්ඩලය සමග මොවුන් බහින් බස්වීමක් ඇති කරගෙන ඇති අතර එය දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගැටුමෙන් හෝටලයේ සේවකයින් 6 දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළා. පසුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මනාල පාර්ශවය නියෝජනය කරමින් පැමිණි පිරිසක්.

මනාලියගේ පාර්ශවයෙන් විවාහ උත්සවය පවත්වා ඇති අතර අදාළ හෝටලයේ පිහිනුම් තටාකය ඒ සඳහා වෙන් කර තිබී නැහැ.

එහෙත් පිරිසක් බීමතින් එහි නෑමට උත්සාහ කිරීමත් සමග එය වැළැක්වීමට හෝටලයේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණා.

එම අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිස හෝටල් කාර්ය මණ්ඩලයට පහරදී ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required