English English සිංහල සිංහල தமிழ் தமிழ்

රට රැකියා වංචා ගැන පැමිණිලි ඉහළට – කොරියානු රැකියාවලට ලක්ෂ 28 ක් ඉල්ලන බවටත් චෝදනා.

Facebook
Twitter
LinkedIn

කොරියාවේ වෑද්දුම්කරුවන්ට රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට පැමිණි පසු රුපියල් ලක්ෂ 28 ක තැම්පතුවක් අවශ්‍ය බව නාවල ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය දැනුම්දුන් බවට පිරිසක් චෝදනා කරනවා.

පුවත්පතක පළ වූ දැන්වීමක් අනුව ඊයේ ඔවුන් විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ පවතින එම ඒජන්සිය වෙත ගොස් තිබුණා. එහිදී ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට පවා නිලධාරින් කටයුතු නොකළ බවටයි ජනතාව චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නාවල ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති සුරාජ් දන්දෙණියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිිටියේ එය ඊ – 7 නමැති කොරියානු වීසා එකක් වන අතර, එම රැකියා අවස්ථා සඳහා යොමුකරනු ලබන්නේ රජය මගින් නොවන බවයි.

ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර පුහුණුව සහිත සුදුසුකම් ලත් ශ‍්‍රමිකයින් සිටින්නේ 200ක් පමණක් බවත් සෙසු පිරිස් සඳහා ඊට අදාළ පුහුණුව ලබාදිය යුතු බවත් නාවල ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති සුරාජ් දන්දෙණිය කියා සිටියා. එම සියලූ කටයුතු රුපියල් ලක්ෂ 28 ක මුදලක් අවශ්‍ය බවත් ඊට ණය පහසුකම් සලසා දෙන බව ද ඔහු ප‍්‍රකාශ කළා.

මේ අතර, ව්‍යාජ පුද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් යුරෝපයේ රැකියා වලට යැවීමේ පොරොන්දුව මත රුපියල් කෝටි 5 කට අධික මුදලක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින්ගෙන් වංචනිකව ලබා ගත් කාන්තාවක් මීගමුව ඒත්තුකාල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

නුගේගොඩ පදිංචි 46 හැවිරිදි මෙම කාන්තාව මුදල් ලබා ගත් බවට මීගමුවේ පුද්ගලයින් 6 දෙනෙකුගෙන් මීගමුව කොට්ඨාශ විශේෂ වංචා විමර්ශන අංශයට පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඇය එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 70 දක්වා මුදල් ලබාගෙන ඇති අතර, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල කුලී පදනම මත ලබා ගන්නා නිවෙස්වල සිට ඇය මෙම විදේශ රැකියා වංචාව සිදුකර ඇති බවයි.

මේ අතර, පෝලන්තය, රුමේනියාව, ඊශ‍්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන්ට හසු නොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ජනතාවට දැනුම් දෙනවා.

වර්තමානයේ රට තුල ඇති තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දක්වන බැවින් විදේශ රැකියා ලබාදෙන බවට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වල දැන්වීම් පළ කරමින් මුදල් වංචා කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම දිනෙන් දින ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් විදේශ රැකියා සඳහා විදේශ ගමන් බලපත‍්‍ර හෝ මුදල් ලබාදීමට පෙර අදාළ ආයතන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත‍්‍ර හිමි නිත්‍යානුකූල ආයතන දැයි සොයා බලන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000