English English සිංහල සිංහල தமிழ் தமிழ்

විහාරාධිපති හිමි ඝාතනයට ඇල්ලූ ගෝල හිමිනම රිමාන්ඩ්.

Facebook
Twitter
LinkedIn

සීදූව – වෑත්තෑව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති හිමි හුස්ම හිර කර ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 18 හැවිරිදි ගෝල හිමිනම මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මීගමුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමිගේ සිරුර පොලිසියට ලද තොරතුරකට අනුව පසුගිය 14 වන දා සොයා ගැණුනා.

ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ගෝල හිමිනම පාපොච්චාරණය කර තිබුණේ විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන්ආර් රථයක් ඇතුලූ දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවයි.

ඝාතනයෙන් පසුව ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට පුද්ගලයෙකුට අලෙවි කළ බවත්, එය ඩුබායි හි සිටින කාන්තාවට යැවීමට සැළසුම් කර තිබූ බවත් අත්අඩංගුවට ගත් ගෝල හිමිනම අනාවරණ කර තිබුණා.

ඒ අනුව, අදාළ පුද්ගලයාද  අත්අඩංගුවට ගැනුණු අතර, ඔහුද මීගමුව මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000