English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිටරටින් හාල් එපා – කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශයෙන් ඉල්ලයි.

Facebook
Twitter
LinkedIn

රටතුල ප‍්‍රමාණවත් සහල් තොග ඇති බැවින් සහල් ආනයනය නතර කිරීමට පියවර ගන්නා ලෙස වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න ඉක්මවා වගා කිරීම හේතුවෙන් මේ වසරේ ආනයනය කළ යුතු වන්නේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 6 ක් පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කරන්නේ.

ඔහු මේ බව කියා සිටියේ පේරාදෙණිය ප‍්‍රදේශයේ දී මධ්‍යම රජයේ කෘෂිකර්ම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සමඟ සිදුකළ සාකච්ඡාවකදීයි.

මේ අතර, සහල් මෝල් හිමියන්, බැංකු සහ විවිධ නිලධාරීන් ආණ්ඩුවට ලබා දෙන ණය ලිහිල් නොකිරීමේ කුමන්ත‍්‍රණයක් සිදු කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අගුණකොළපැලැස්ස ප‍්‍රදේශයේ දී පැවති වැඩසටහනකට එක්වෙමින්.

කෙසේ වෙතත්, සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් නිසා වී ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර, මේ දිනවන සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මිනිස් පරිභෝජනයට ආනයනය කරන සහල්වල බැරලෝහ වර්ග අධික ලෙස පවතින බවට පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය සිදු කරන ලද විශලේෂණ වාර්තා සාවද්‍ය බව එම කාර්යාලය ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000