English English සිංහල සිංහල தமிழ் தமிழ்

විෂ සහිත සහල් ප‍්‍රචාරය CID යයි.

Facebook
Twitter
LinkedIn

විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි දැක්වෙන්නේ මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් මෙවැනි විෂ සහිත සහල් සාම්පල් සම්බන්ධයෙන්  කිිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි.

2017 වසරේ සිදුකළ පරීක්ෂණයක් ආශ‍්‍රයෙන් ඇතැම් පුවත්පත් මෙවැනි වාර්තාවක් පළ කර තිබූ බවද එහි දැක්වෙනවා. මෙවැනි ප‍්‍රචාරයන් මගින් මහජනතාව තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිවිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

වැඩබලන පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් ලසන්ත රණවීර පවසා ඇත්තේ 2017 වසරේ මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ මහනුවර ප‍්‍රදේශයේ සාම්පල් 68 ක් උපයෝගී කරගනිමින් බවයි.

කෙසේ වෙතත් මේ වසරේ ජනවාරි මාසයේ සිට පරීක්ෂා කළ සහල්වලට ඉහත පරීක්ෂණය කිසිසේත්ම අදාළ වන්නේ නැහැ. මේ හේතුවෙන් මෙම ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ.

එමෙන්ම වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000