/
/
title icon ශ්‍රී ලංකාවේ දැහැමි දුව රීයූනියන් දූපතේ.
ශ්‍රී ලංකාවේ දැහැමි දුව රීයූනියන් දූපතේ.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ දැහැමි දුව රීයූනියන් දූපතේ.

පුද්ගලයන් 46 දෙනෙකු සමඟ මාස හයක කාලසීමාවක් අතුරුදන්ව තිබූ දැහැමි දුව නම් වූ බහුදින යාත‍්‍රාව රීයූනියන් දූපතේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පසුගිය ජූලි මස 21 වනදා මෙම බහුදින ධීවර යාත‍්‍රාව මීගමුව ධීවර වරායෙන් පිටත්ව ඇති බව සඳහන්.

එම යාත‍්‍රාව පදවා ඇත්තේ හලාවත – අඹකඳවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පසුව ගැඹුරු මුහුදේදී තවත් පිරිසක් එම යාත‍්‍රාවට එක්කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එසේ එක් කරගෙන ඇති කණ්ඩායමට කාන්තාවන් සහ කුඩා දරුවන් කිහිපදෙනෙකුද අයත්ව තිබුණා.

මෙම බහුදින යාත‍්‍රාව ජාත්‍යන්තර මුහුදේදි කාර්මික දෝෂයකට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ බව සඳහන්.

එහිදී එම යාත‍්‍රාව මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ තවත් නෞකාවක සිටි පිරිසක් විසින් අගෝස්තු මස 16 වනදා බේරාගෙන කාර්මික දෝෂය යථා තත්වයට පත් කර තිබෙනවා.

පසුව එම යාත‍්‍රාව යළි ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පෙරේදා වාර්තා වූයේ මෙම යාත‍්‍රාව යළි අතුරුදන්වී ඇති බවයි.

එහෙත් මේ වනවිට පුද්ගලයන් 46 දෙනෙකු රැගත් මෙම බහුදින යාත‍්‍රාව රීයූනියන් දූපතේ ආරක්ෂක අංශ භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required