/
/
title icon පෙරවදනක්…
පෙරවදනක්…
Editor
1 year ago
Share:
පෙරවදනක්…

ජීවිතේ කියන්නෙම අහම්බයක්, අහම්බෙන් ලැබුණ ජීවිතය තුළ අපි සියලු දෙනාට අපිටම උරුම වූ කතාවක් තිබේ. එය මට මෙන්ම ඔබටත් එලෙසින්ම තිබෙණු නිසැකයි.

හිස් අතින් මෙලොවට පැමිණි මිනිසුන් ලොවම වෙනස් කරන්නට සමත් වූවන් දක්වා එන ගමන්මගේ තිබෙන්නේ ම ඔවුන්ගේ ජීවිත කතාවයි.

සාහිත්‍යධරයෙක්, කවියෙක්, දේශපාලඥයෙක්, ගායකයෙක්, නර්තන ශිල්පීයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, ගුරුවරයෙක් ආදී එකී නොකී චරිතාපදාන පමණක් නොව සමාජය තුළ අපට නොපෙනෙන්නට සැඟවී තිබෙන්නා වූ උත්කෘෂ්ට ගණයේ චරිතයන්ට පණ පොවන්නට, ඔවුන්ගේ ජීවිත කතාව නො ඉවසිල්ලෙන් යුතුව කියවා හමාර කරන්නට අප කවුරුත් කැමතියි. එපමණක් නොව එම චරිතයන්ගෙන් ගත හැකි ආදර්ශ අවවාදයන් බොහෝමයක් ඇත.

කියවා නිම කළ නොහැකි ජීවිත කතාවන් කැටිකොට අරුත් ගන්වන්නට ඒ තුළින් ආශ්වාදයක් ලබා දෙන්නට හැකියාවක් ලැබේ නම් එයයි මා දන්නා සාහිත්‍යය.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required