English English සිංහල සිංහල தமிழ் தமிழ்

අකැප කිමද වළලු අතට සියුමැලි කැමරා කාචය ???

Facebook
Twitter
LinkedIn

හීන ලස්සනයි. ඔව් ඇත්තෙන්ම හීන ලස්සනයි. හීන වෙනුවෙන් දරණ උත්සහ, කරන කැපකිරීම්, ලැබෙන ප්‍රතිඵල  සහ දැනෙන තෘප්තිය එකිනෙකාට සාපේක්ෂයි. හීන මැරුණු සාපලත් යුගයක් පසු කරන, යාන්තමින් ඒ හීන පාට කරන්න වෙහෙසෙන, දිනෙක දිදුලන පරපුරට ශක්තියක්ම වේවා..

තමා දකින දේ ආලෝකයෙන් හැඩ කර නැවත ප්‍රතිනිර්මාණය කර, සුන්දර සිනහවකින් එදෙස බලා සතුටු විය හැකි සුන්දර අයෙකු වීමට බලාපොරොත්තු වන කැමරා සිහින හිමි ඔබටයි මේ ආමන්ත්‍රණය. ලෝකයේ නොපෙනෙන, මිනිසුන් දැකීමට උත්සහ නොකරන, සුන්දරත්වය කැමරා කාචයෙන් ඉස්මතු කර එය තුලින් තවත් ඇසක් පිනවීමට ඡායාරූප ශිල්පියෙකු සතු හැකියාව විස්තර කිරීමට පවා අසීරුය. එම අසීරු සියුම් හැකියාව ඇත්තේද අතලොස්සකට පමණි.

ස්වභාවදහමේ අජීවී බවේ ඇති සජීවී දැක්ම, සජීවී ලෝකයේ දැක්මට උත්සහ නොකරන පැතිකඩ, ඔවුන්ගේ ඇසට හසුවන්නේ ඉතාමත් සියුම් ලෙසය. ඡායාරූපකරණය සදහා බලපාන්නේ හැකියාව, නිර්මාණශීලීබව, සියුම් සූක්ෂම දැක්ම හා උනන්දුව වැනි කරුණු මිස  වයස, තත්ත්වය, ස්ත්‍රී පුරුෂ බව වැනි කරුණු නොවේ.

නමුත් ලාංකික යල්පැනගිය අදහස් සහිත එක්තරා සමාජ පැතිකඩක් හේතුවෙන් සාමාන්‍ය මිනිසෙකුගේ ඇසකට අසු නොවන වෙනස්ම නිර්මාණශීලී දෘෂ්ටි කෝණයකින් සියල්ල දෙස බලන ඇසකට කැමරා කාචයෙන් දෙනෙත් විවර කිරීමේ අවස්ථා මගහැරෙනු සුලබ ය.

වළලු දැමූ දෑතට කැමරාව අකැප වූයේද එම යටගිය අදහස් නිසාය. ලොව දෙස නිර්මාණශීලීව බැලිය හැක්කේ පිරිමි ඇසකට පමණමද? නෑ. එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සාපේක්ෂය. නමුත් ඡායාරූපකරණ ක්ෂේත්‍රය තුළ කාන්තාවකගේ හැකියාව පෙන්වීමට සමාජ බාධක රාශියක් නිර්මාණය වී පවතී. කාන්තාවක විසින් සිදුකළ යුතුය කියා සම්මත ක්ෂේත්‍රය වලට පමණක් කොටුකර ලෝකය දැකීමේ හා විදීමේ නිදහස කාන්තාවට සමාජය විසින් සීමා කර ඇත. කෙසේ හෝ එම අභියෝග ජයගෙන මේ ක්ෂේත්‍රයයේ ඉදිරියෙන් ඉදිරියටම ගොස් ජීවිතය ජයගත් කැමරා ශිල්පිනියන් නැතුවාම නොවේ.

අවුරුදු 19 ක් වයසැති හිරුණි පතිරණගේ එවන් ශක්තිවන්ත තරුණියකි. ඇය මේ වන විට glorious iconic award ceremony එකේ හොදම ඡායාරූපශිල්පිනියට හිමි සම්මානය දීනා ගත්තා.

“හැමෝටම බෑ අනිත් අයව සතුටු කරල සතුටු වෙන්න. අද වෙද්දි තමන් ගැනම හිතන ලෝකයක් අස්සේ තව කෙනෙක්ගේ ලස්සන දැකලා ඒක ලෝකෙටම පෙන්නන්න හැමෝටම බෑ. හැබැයි photographer කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඒ වගේම වැඩක් කරලා ඒකට එන ප්‍රතිචාර දකිද්දි ඇහෙද්දි දැනෙන්නේ මාරම සතුටක්. ඒ සතුටට පුළුවන් ඒකට වෙච්ච මහන්සිය සම්පූර්ණයෙන්ම නැති කරන්න. මේ දේවල් නිසා photographer කෙනෙක් වීම කියන එකට මට තියෙන්නෙ නිහතමානී සතුටක්.” මේ ඇගේ වචනයි.

හිරුණි පතිරණගේ ඡායාරූප ශිල්පිනිය ඇයගේ ජීවිත උපමාවෙන්, තවත් සියුම් ඇසකට දෙනෙත් විවර කිරීමටත්, වළලු හිමි දෑතට කැමරාව ගෙන ඔවුන්ට ආවේණික ලෙසින් ලෝකය දැකීමට අවශ්‍ය උනන්දුව ඇති කිරීමටත් හේතුවක් වූ ආකාරය ප්‍රශන්සනීයය.

ඇය මෙන් ලොවක් නිදහස් ඇසින් දැකීමට උනන්දුව ඇති, සියලුම කාන්තාවන්ට මෙම ලිපියද එක්තරා ආකාරයක දිරිගැන්වීමකි. එන්න ඔබේ ඇසින් ලෝකය දකින්න. කැමරාව තුලින් අයෙකු දකින කලාව, තවත් අයෙකුගේ මනසක් පිනවීමට යොදාගන්න මෙම ක්ෂේත්‍රය තුල කාන්තාව යන සමාජ සංකල්පයට සීමා නොවී හිරුණි පතිරණගේ මෙන් සිය හැකියාවෙන් සමාජය දිනන්න වෙහෙසෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000