/
/
title icon ගුරු මෑණියන්ගේ පැමිණිල්ලෙන් දියණියට අමානුෂිකව පහරදුන් පියා ගාල්ලේදී අත්අඩංගුවට.
ගුරු මෑණියන්ගේ පැමිණිල්ලෙන් දියණියට අමානුෂිකව පහරදුන් පියා ගාල්ලේදී අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
ගුරු මෑණියන්ගේ පැමිණිල්ලෙන් දියණියට අමානුෂිකව පහරදුන් පියා ගාල්ලේදී අත්අඩංගුවට.

දියණියට අමානුෂික ලෙස පහර දුන් පියෙකු ගාල්ල වරාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල – කටුගොඩ ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි දැරියක් පාසල් ගුරුවරියන් දෙදෙනෙකු සමග පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි.

වේයන්ගොඩ ප‍්‍රදේශයේදී මීට මාස කිහිපයකට පෙර අධ්‍යාත්මික බලයෙන් රෝග සුවකරන පුද්ගලයෙකුගේ වේවැලකින් පහරට ලක්ව මියගිය 09 හැවිරිදි දැරිය, මෙම සිසුවියගේ නැගණිය වනවා.

මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත දැරියගේ මව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

ඒ හේතුවෙන් පියා සහ මිත්තණිය සමග නිවසේ ජීවත් වන මෙම දැරියට පියා විසින් කලක සිට දිගින් දිගටම අමානුෂික ලෙස පහරදී ඇති බව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

දැරිය මේ වන විට අධිකරණ නියෝග මත ගාල්ල – කිතුලන්පිටිය ළමා නිවාසයට යොමුකර ඇති අතර පියා අද ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, රත්නපුර – නිවිතිගල – දෙල්වල ප‍්‍රදේශයේ දී 7 හැවිරිදි දැරියක් ඝාතනය කර පතලකට දැමීමේ සිද්ධියකට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු කලවාන ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු කරුන්කා තොගයක් අලෙවි කිරීම සඳහා කලවාන ප‍්‍රදේශයට ඊයේ පැමිණි අවස්ථාවේදීයි.

දැරියට සැකකරු විසින් අමානුෂික ලෙස පහර දීමෙන් පසුව සිරුර පතලකට දැමීම සඳහා ඇයගේ මව සහ සැකකරුගේ අනියම් බිරින්දෑවරුන් දෙදෙනෙකු ආධාර අනුබල දී තිබුණා.

ඔවුන් තුන්දෙනා ද පසුගිය දා අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

සැකකාරියන් අතර සිටින දැරියගේ මව ද සැකකරුගේ අනියම් බිරිඳක් ද වන අතර ඔවුන් සියලූ දෙනා සැකකරු සමඟ එකම නිවසක ජීවත්ව ඇති බවටයි පොලිසිය සිදුකළ විමර්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required