/
/
title icon වැඩිම ජනගඟ ඊයේ නෙළුම් කුළුණට.
වැඩිම ජනගඟ ඊයේ නෙළුම් කුළුණට.
Editor
1 year ago
Share:
වැඩිම ජනගඟ ඊයේ නෙළුම් කුළුණට.

කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට මේ දක්වා වැඩිම ජනතාවක් පැමිණියේ ඊයේ දිනයේ බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසනවා.

එහි ප‍්‍රධාන පරිපාලන නිළධාරි විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ සදහන් කළේ ඊයේ රාත‍්‍රී 8 වන විට ප‍්‍රවේශපත් 6800කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබූ බවයි.

විශාල පිරිසක් පැමිණීමත් සමඟ නෙළුම් කුළුණ පරිශ‍්‍රය තුළ තදබදයක්ද හට ගත් අතර තත්ත්වය පාලනය කිරීමට පරිපාලනය විසින් ඊයේ රාත‍්‍රී අවස්ථා කිහිපයකදී ප‍්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

මේ අතර නෙළුම් කුලූ‍ණ විවෘත කළ පසුගිය 15වනදා සිට සෙනසුරාදා දක්වා කාලය තුළ රුපියල් මිලියන 07 ක ආදායමක් උපයා ඇති බවයි එහි ප‍්‍රධාන පරිපාලන නිළධාරි විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ සඳහන් කළේ.

නෙළුම් කුළුණ නැරඹීමට දැනට නිකුත් කරනු ලබන්නේ රුපියල් 500යේ ප‍්‍රවේශපත් පමණක් වන අතර සෑම දිනකම පස්වරු 2 සිට රාත‍්‍රී 10 දක්වා ඒ සඳහා අවස්ථාව පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required