/
/
title icon රැජිණට, ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි.
රැජිණට, ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි.
Editor
1 year ago
Share:
රැජිණට, ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි.

අභාවප‍්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිනට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඒ බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් ශාලාවේ දීයි. එම අවස්ථාවට ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ සහ බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන ද එක්ව සිටියා.

රැජිණගේ රාජකීය අවමඟු‍ල් උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පෙරේදා අලූ‍යමයි.

මේ අතර, දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක් සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද සියළු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මීට පෙර දැනුම්දී තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required