English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය අදයි.

Facebook
Twitter
LinkedIn

හිරු නොබසින ආධිරාජ්‍යයේ දශක 07 කට වැඩි කාලයක් කිරුළ පළන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය  අද පැවැත්වෙනවා.

මේ වනවිට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට එරට වේලාවෙන් අද උදෑසන 6.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති.

ඉන් අනතුරුව මහ රැජිණගේ දේහය උදෑසන 10.44 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි.

එම අවස්ථාවට රාජකීයයන්ද පා ගමනින් එක්වනවා.

පසුව වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට රැජිණගේ දේහය වින්ඞ්සර් මාළිගය වෙත රැගෙන ගොස් පැයක කාලයක් එහි තැන්පත් කෙරෙනු ඇති.

ඉන් අනතුරුව ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම පසෙකින් රැජිණගේ දේහය ද තැන්පත් කිරීමට නියමිතයි.

මේ අතර, මහරැජිණගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති වෙස්මිනිස්ටර් ශාලාවේ ඊයේ රාත‍්‍රි දේව මෙහෙයක් පැවැත්වුණු අතර, ඊට විලියම්, හැරී මෙන්ම  ඔවුන්ගේ ආර්යාවන් සහ මුණුබුරු මිණිබිරියන් එක්ව සිටියා.

මෙහිදී රාජකීය වරප‍්‍රසාද අත්හළ හැරී කුමරු රාජකීය ගුවන් හමුදා නිල ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.

එමෙන්ම, තුන්වන චාල්ස් රජු සහ විලියම් කුමරු රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටින ජනතාව හමුවී කථාබහක නිරතව තිබුණා.

දශක හතක කාලයක් බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් දෙවන එළිසබෙත් රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයන් රැසක් මේ වනවිට ලන්ඩනයට එක්රැස්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000