/
/
title icon පෙරදිග ධාන්‍යාගාරයේ ලුණු කැද බොන මිනිසුන්.
පෙරදිග ධාන්‍යාගාරයේ ලුණු කැද බොන මිනිසුන්.
Editor
1 year ago
Share:
පෙරදිග ධාන්‍යාගාරයේ ලුණු කැද බොන මිනිසුන්.

              දකුණු ආසියාවෙි උසම සන්නිවෙිදන කුළුණ විරාජමානව කොළොමිපුරේ දහස් සංඛ්‍යාත දනන්ගේ පා පහස ලබමින් ඉතාමත්වෙ උජාරුවෙන් සිනහ සලයි. ඒය නැරඹීමට යන පිරිස් අවසිහියෙන් මෙන් ඒහි විචිත්‍රත්වය පිළිබද පුරසාරමි දොඩන්නේ මෙවන් අසිරිමත් සිරි ලංකාව තුළ උපත ලද මනුෂ්‍යයෙකු වීම තමා ලද ඉමහත් භාග්‍යක් බව පවසමිනි. සත්‍ය වශයෙන්ම මෙය ලියන මටත් මෙය කියවන පාඨක ඔබටත් ඉහත දක්වනලද අභිමානය නිතැතින්ම මතු වන්නේ අපද ශ්‍රි ලාංකිකයන් වන බැවිනි. නමුදු ඔිනෑම කතාවක දෙපැත්තක් තිබිය හැකිය. ඒහෙත් මිනිසාගේ මනස අවිඥාණිකව හසුරුවන පිරිස් ඔිනෑම කතාවක ඒක් පැත්තක් පමණක් ඉස්මතු  කිරීමට මහත් වෑයමක් දරති

කොළොමිපුරේ නෙළුමි කුළුණ විරාජමානව ඉහළට ඒසවෙද්දී තවත් සිරි ලාංකිකයන් පිරිසක් කුසට අහරක් නොමැතිව, හිසට හරිහමන් සෙවණක් නොමැතිව අදුරෙහි ගිලී දරිද්‍රතාවයේ පතුල සිඹිමින් සිටින බව සියල්ලන්ටම අමතකව ගොස් ඇත. “කොළඹට කිරි ගමට කැකිරි” යන කියමන මා අසා ඇත්තේ කුඩා කළ සිටමය. නමුත් මෙි වන විටත් ඒම කියමන ග්‍රාමීය ප්‍රදේශයන් වලට තාමත් සමීපය. ඒම ප්‍රදේශයන් තුළ ජීවත් වන්නේද මිනිසුන්මය. ඔවුන්ට සහ ඔවුනගේ පමණක් නොව රටෙි අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ටද හෙට දවසක් පිළිබද ඇත්තේ සැකයකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකමි, නීතිය යන මෙිවා මුලු ලක්දිවටම සම අයිතීන් ලැබිය යුතු ක්ෂේත්‍රයන්ය. නමුත් නගරය සහ ගම මහා විශාල පවුරකින් වෙන් වී ඇති දූපත් දෙකකට සමානය.

සමස්ථ ග්‍රාමීය ප්‍රදේශයන් ගත් විට ඒම ගමි වැසියන් මුහුණ දෙන බොහෝ  ගැටලු රාශියක් ඉස්මතු කර පෙන්වා දිය හැකිය. නගරයේ දරුවන් මුදල් ගෙවා හෝ  වෙනයමි හේතු සාධක මත ඉහළ පෙළේ පාසල්වල ඉගෙනුම ලබද්දී ගමෙි දරුවන් ඉතාමත් අවම පහසුකමි යටතේ ගමෙි පාසලේ ඉගෙන ගනී. ගමෙි පාසලට ගුරුවරුන් ලෙස පැමිණෙන බොහෝ දෙනා පැමිණෙන්නේ ද  නගරයේ පාසලකට මාරු වීමට පයඔසවා ගනිමිනි. මෙවන් තත්ත්වයක ග්‍රාමීය දරුවන්ගේ හෙට දවසට යන කලදසාව කුමක්ද?

බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්හි සෞඛ්‍ය අංශයටද මෙි වන විට කණකොකා හඩා තිබෙි. රෝහල් පැවතියද ඒ් සදහා විශාල දුරක් ගෙවා යාමට ඔවුන්ට සිදු වී තිබෙි. ඒසේ යාමට හෝ හරිහමන් මාර්ගයක් හෝ ප්‍රවාහන පහසුකමක් ඔවුන්ට නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් මිය යාමට පවා ලක් වීම ඉතාමත් අවසනාවන්තය. රජයෙන් හෝ පෞද්ගලික ආයතන මගින් මෙම ප්‍රදේශයන් තුළ යටිතල පහසුකමි සංවර්ධනය උදෙසා ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද අවාසනාවට කරුණ නමි ඒම මුදල්ද යටිමඩි ගසා ගන්නා අවස්ථා වොහෝමයක් හමු වීමයි. නමුත් මෙිවාට වගකිව යුත්තන් කිසිදු ක්‍රියාමාර්ගයක් ඒ වෙනුවෙන් නොගැනීම පුදුම සහගතය.

පවතින ආරථික තත්ත්වය යටතේ ගාමීය ප්‍රජාව මෙි වන විට කබලෙන් ලිපට වැටුණාක් වැණි තත්ත්වයට පත් වී තිබෙි. දෙමාපියන් තම දරුවන්ගේ කුසට අහරක් ලබා දීමට නොහැකිව සිගමන් යදින තත්ත්වයට පත් වී තිබෙන්නේ දුර දිග නොබලා ක්‍රියා කළ දේශපාලඥයන් නිසාවෙනි. “ හොදම දේ දරුවන්ට” යන කියමන මෙි වන විට හුදු කියමනක් පමණක් බවට පත් වී හමාරය.

ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට සිදු වන අසාධාරණකමි, අකටයුතුකමි ඒහිම වැළලී යන්නේ ඔවුන්ගේ මුලු අනාගතයම අදුරට ඇද දමමිනි.ඒහි ප්‍රතිඵල ලෙස අකලට මිලින වී යන මල් කැකුළු වෙනුවෙන් හඩක් නැගීමට උචිත කාලය උදා වී තිබෙි.

රටක් වශයෙන් ගත් විට ඒය ගම, නගරය කියා වෙනස් විය යුතු නැත. මිනිසුන් සියලු දෙනාටම මෙි මිහිතලය මත සම අයිතිවාසිකමි පවතී. ඒම අයිතිවාසිකමි භුක්ති විදිමෙි නිදහස සියලු දෙනාටම පවතී. ඒක් රටක, ඒක් ධජයක් යට හාල් කැද ලුණු සමග පෙරා බොන පිරිසක්ද කටට, රසට රසමසවුළු අනුභව කරන පිරිසක්ද වශයෙන් කොටස් සිටීම නොගැලපෙන්නකි. ශ්‍රි ලංකාව වැනි තවත් රටවල් තවමත් දීර්ඝ කාලයක් තිස්සේ දියුණු වෙමින් පවත්නා රටවල් බවට පත්ව තිබෙන්නේ මෙම බෙදීම නිසාය. ඒබැවින් සංවර්ධිත රටක් කරා පා තබන ගමනේදී ග්‍රාමීය ජනතාවගේ සුව- පහසුව ලබා දෙමින් ඔවුන්ටද රටක් වශයෙන් ඒක්ව නැගීටීමට අත හිත ලබා දිය යුතු කාලය ඒළඹ ඇති බව ඔබ අප සැම තරයේ සිහි තබා ගත යුතු වන්නේය.

– සනෝජා රන්හොටිබණ්ඩාර-

 

 

 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required