English English සිංහල සිංහල தமிழ் தமிழ்

එලිසබෙත් මහ රැජිණ අවසන් ගමන් යයි.

Facebook
Twitter
LinkedIn

දශක 07 කට ආසන්න කාලයක් මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක රාජ්‍යත්වයේ කිරුළ දැරූ අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහරැජිණගේ දේහය ඇය වඩා ප‍්‍රිය කළ වන වින්ඞ්සර් මාළිගය වෙත රැගෙන ගියා.

ඒ, රාජකීය අවමංගල්‍ය උත්සවයේ අවසන් දේව මෙහෙය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමෙන් අනතුරුවයි.

දෙවන එලිසබෙත් මහරැජිණ පසුගිය 08 වනදා ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී අභාවප‍්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවුණා.

දේහය රාජකීය සම්ප‍්‍රදාය අනුව බකිංහැම් මාලිගයේ සහ එරට පාර්ලිමේන්තුව වන වෙස්මිනිස්ටර් ශාලාවේ රාජකීයන්ට, රාජ්‍ය නායකයින්ට සහ ජනතාවට අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තැබීමෙන්

අනතුරුවයි මෙරට වේලාවෙන් අද පස්වරුවේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැගෙන එනු ලැබුවේ.

ඒ බ්‍රිතාන්‍ය රාජකීය සම්ප‍්‍රදාය අනුව විශේෂ අවමංගල පෙරහරකින්.

ඊට තුන්වන චාල්ස් රජු , විලියම් සහ හැරී කුමරු ඇතුලූ රාජකීය පවුලේ සාමාජිකයන් ද එක්වුණා.

රාජ්‍ය ප‍්‍රධානීන් සහ විදෙස් නායකයන් 500 ක් ඇතුළු 2,000 ක් පමණ රාජකීය අවමංගල්‍යය උත්සවය සඳහා ආරාධනා ලැබ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටියා.

අවසන් දේව මෙහෙය පවත්වනු ලැබුවේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ප‍්‍රධාන දේවගැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිද ඊට එක්වුණා.

අවමගුල් දේව මෙහෙයේ පාඨ කියවීම බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට‍්‍රස් විසින් සිදුකළ අතර එහි සංගීතයට රැජිණගේ රාජාභිෂේකය අවස්ථාවේ වාදනය කළ ගීතයක්ද ඇතුළත් වුණා.

අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැති අතර දේහය රැජිණ වඩාත් ප‍්‍රිය කළ මාලිගය වන වින්ඞ්සර් මාළිගය වෙත රැගෙන යාම සඳහා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට ලන්ඩනයේ සුප‍්‍රද්ධ ආරුක්කුව වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී රැජිණගේ දේහය අවමංගල්‍ය රථයක තැන්පත් කිරීමෙන් පසු රජ පවුලේ සාමාජිකයින් සමග වින්ඞ්සර් මාලිගය වෙත රැගෙන යාම සිදුකෙරුණේ මාර්ගය දෙපස රැදී සිටින දහස් සංඛ්‍යාත බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආචාරය මධ්‍යයේයි.

වින්ඞ්සර් මාළිගයේ රැජිණගේ දේහය පැයක කාලයක් තැන්පත් කර තැබෙන අතර, එම කාලය තුළ රැජිණ වඩාත් ප‍්‍රියකළ ගීත සහ සංගීත කණ්ඩ වාදනය කිරීමට නියමිතයි.

ඇයට කුඩා කළ පියානෝ වාදනය ඉගැන්වූ සර් විලියම් හෙන්රි හැරිස් විසින් නිර්මාණය කළ සංගීත කණ්ඩද ඊට ඇතුළත්.

වින්ඞ්සර් මාළිගයේ පැයකට ආසන්න කාලයක් දේහය තැන්පත් කර තැබීමෙන් පසු එහි තිබෙන ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබ තුළ රැජිණගේ දේහය තැන්පත් කිරීමට නියමිතයි.

ඒ, රැජිණගේ ස්වාමිපුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහයද සමඟයි.

රැජිණ අභාවප‍්‍රාප්ත වන තෙක් පිලිප් ආදිපාදවරයාගේ දේහය ද ආරක්ෂිතව තැන්පත් කර තිබූ අතර, ඒ අනුවයි රාජකීය යුවළගේ දේහයන් රාජකීය සොහොන් ගැබ තුළ තැන්පත් කරනු ලබන්නේ.

මෙලෙස රාජකීය සොහොන් ගැබ විවෘත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වීම ද විශේෂත්වයක්.

එම රාජකීය සොහොන් ගර්භයේ රැජිණගේ දෙමාපියන් වන හයවන ජෝර්ජ් රජුගේත්, එලිසබෙත් මව් රැජිණගේත්, සහෝදරිය වන මාග‍්‍රට් කුමරියගේත් දේහයන් තැන්පත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000