/
/
title icon ආහාර උද්ධමනය තවත් ඉහළට.
ආහාර උද්ධමනය තවත් ඉහළට.
Editor
1 year ago
Share:
ආහාර උද්ධමනය තවත් ඉහළට.

ලොව ඉහළම ආහාර උද්ධමනය පවතින රටවල් අතර, ශ‍්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව විසින් එළි දැක්වූ නවතම වාර්තාවක දැක්වෙනවා.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වා රටවල් 53 ක් පාදක කරගනිමින් එය එළිදක්වා ඇති අතර එම වාර්තාවට අනුව මෙරට ආහාර උද්ධමනය සටහන් වන්නේ සියයට 91 ක් ලෙසයි.

සිම්බාබ්වේ, ලෙබනනය සහ වෙනිසියුලාව එහි  පෙරමුණ ගෙන තිබෙනවා.

මෙම වාර්තාවට අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය සියයට 9.9 ක්.

කෙසේ වෙතත් එය වසරක් තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි නවතම ලෝක බැංකු වාර්තාවේ දක්වා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාවට ණය දීමේදී චීනයට වඩා ඉන්දියාව ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව, මෙම වසරේ මාස හතරක කාලය තුළදී ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 968 ක්.

2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ චීනය ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 947 ක ණය ප‍්‍රමාණයක් ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required