English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජාතික සභාව ගැන යෝජනාව අද විවාදයට.

Facebook
Twitter
LinkedIn

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නැමැති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබද යෝජනාව අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩු පක්ෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන අතර එය විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගනු ඇති.

අද පාර්ලිමේන්තුව උදෑසන 09.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් රැස්වන අතර පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා.

අනතුරුව ජාතික සභාව සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කෙරෙන අතර පස්වරු 5.30 දක්වා එය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොවිඩ් තත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තු සංකීර්ණයට සහ ගැලරිවලට ඇතුළු වීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කර තිබූ සීමාවන් අද සිට ලිහිල් කෙරෙනවා.

වේත‍්‍රධාරිවරයා කරන ලද යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතියද පසුගියදා ඊට හිමිවුණා.

ඒ අනුව අද සිට පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීමට රැස්වීම් නොපැවෙත්වෙන දිනවල පෙරවරු 09.30 සිට පස්වරු 03 දක්වා අවසර ලබා දීම සිදුකෙරුණු ඇති.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන මෙන්ම විදේශීය සංචාරකයින්ටද මෙම පහසුකම ලබා ගත හැකි වනවා.

පාසල් බලධාරින්ට මේ සදහා වේත‍්‍රධාරියා වෙත ලිපි, ෆැක්ස් හෝ පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000